බුද්ධ ශාසනේ පළවැනි දානය සමරමින් විලඳ මීපිඬු පූජාව ජුනි 23 රුවන්වැලි මහා සෑ අබියසදී | සිළුමිණ

බුද්ධ ශාසනේ පළවැනි දානය සමරමින් විලඳ මීපිඬු පූජාව ජුනි 23 රුවන්වැලි මහා සෑ අබියසදී

සෑම වසරක් පාසාම ජුනි මස 20 වන දින ආරම්භ වන සම්බුද්ධ ශාසනයේ පළමුදානය වන විලඳ මීපිඬු පූජාව මෙවර ද ජුනි 23 වැනිදා රුවන්වැලි මහා සෑ භූමියේදී පැවැත්වේ.

20 වැනිදා අලුයම 5ට ගම්පොළ, උලපනෙන් පිටත්වන ගල් පාත්‍රය සහ බුද්ධ ප්‍රතිමා රැගත් රන්සිරිගේ සහිත පෙරහැර මහනුවර හරහා පැමිණ අනුරාධපුර යාපනේ හන්දිය හරහා පුල්එළිය, තුලාවේලිය ළඟා වේ. එදින රාත්‍රි පිරිත් දේශනාව පැවැත්වෙන අතර විලඳ මී පැණි සකස් කිරීම එම ස්ථානයේදී සිදුවේ.

ජුනි මස 21 වැනිදා අවට ගම්මානවලින් මල් නෙළීම සිදුවන අතර එම මල් කිරා ගැල්වල පැටවීම සවස් 3.00ට අවසන් වේ. එදාන රාත්‍රිෙය්දී පාණියන්කඩවල දී විලඳ මී පැණි සකස් කිරීම සදහා නවාතැන්පල වනු ඇත.

ජුනි 22 රාත්‍රියේ විලඳ බැදීම, මී පැණි සකස් කිරීම, මල් පූජා සකස් කිරීම සහ ගැල් රථ සූදානම් කිරීම. ජුනි 23 වැනිදා අලුයම 2ට මී පිඬු පූජා මධ්‍යස්ථානයෙන් මී පිඬු රැගත් ගැල් රථ (කරත්ත) පෙරහැර ආරම්භ වේ. ලෝලුගස්වැව හන්දිය, බසවක්කුලම, ථූපාරාමය අසලින් සංඝමිත්තා මාවත ඔස්සේ රුවන්වැලි මහා සෑයට ළඟාවීමට නියමිතය. එදින පස්වරු 6.30ට රුවන්වැලි මහා සෑය අබියස දී සම්බුද්ධ ශාසනයේ ප්‍රථම පූජාව වන විලඳ මී පිඬු පූජාව සිහි ගන්වමින් මෙය ආරම්භ වේ. ඒ අතරතුර එම දින තුන පුරාම රාත්‍රි කාලයේ දැන්සැල් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත. මෙම මහා පුණ්‍යකර්මය සිදු කරනු ලබන්නේ අවුකන, කඳුළුගමුවේ සුමනතිස්ස නාහිමියන්ගේ ප්‍රධානත්වයෙනි.

Comments