නාවලපිටිය, පැණිතුඩුමුල්ල උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු කතරගම දේවාලයේ 45 වන වරටත් පැවැත්වෙන අලි ඇතුන් සහිත දේව මහා පෙරහැර ජුනි මස 21 වැනි බදාදා රාත්‍රි 8.00 ට නාවලපිටිය නගරයේ වීදි සංචාරය කෙරේ.
නාවලපිටිය, පැණිතුඩුමුල්ලේ විසූ වෛද්‍යාචාර්ය ඇස්.එච්.පී මාරවැල්ල (බුද්ධදාස වෙද මහතා) විසින් 1973 වසරේදි මෙම දේවාලය ඉදිකර වාර්ෂික දේව පෙරහැර ආරම්භ කරන ලද අතර, මෙය වාර්ෂිකව නාවලපිටිය නගරයේ වීදි සංචාරය කරන විශාලතම දේව පෙරහැර ද වේ.
දැඩිමුණ්ඩ, කතරගම හා ශ්‍රී මහා විෂ්ණු දෙවිවරුන්ගේ දේවාභරණ රැගත් අලි ඇතුන්ගෙන් සමන්විතව දිවයිනේ ප්‍රමුඛතම කලා ශිල්පීන් ඉදිරිපත් කරන හේවිසි, වෙස් නැටුම්, ගිනි බෝල, බොරු කකුල් නැටුම්, වේවැල්, මොනර, කාවඩි ඇතුළු උඩරට, පහතරට හා සබරගමු නර්තනාංගයන්ගෙන් විචිත්‍රවත්ව උත්කර්ෂවත් අන්දමින් මෙම දේව පෙරහැර පැවැත්වේ.
එමෙන්ම මෙදින දේවාල සංකීර්ණයේදී පෙ.ව 11.00ට සහ රාත්‍රි 11.00ට දිවා හා රාත්‍රි දේව මහා පූජාවන් පැවැත්වේ. මෙහිදි පෞද්ගලිකව භාරහාර වීමට, භාරහාර ඔප්පු කිරීමට සහ සෙත් ශාන්ති කරවාගැනීමට ද බැතිමතුන්ට අවස්ථාව ඇත.