ඩොලරයේ ඉහළ යෑම තාවකාලිකයි | සිළුමිණ

ඩොලරයේ ඉහළ යෑම තාවකාලිකයි

පසුගිය දින කිහිපය තුළ ඩොලරයේ අගය එක්වරම ඉහළ යාමට හේතුව වූයේ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තෙල් මිල දී ගැනීම සඳහා, එක්වරම ඩොලර් මිලියන දස ලක්ෂ 75 -80ක පමණ මුදලක් මහ බැංකුවෙන් සහ මූල්‍ය වෙළෙඳපොළෙන් මිල දී ගත් නිසා ඇති වූ, සැපයුමට වඩා ඩොලරයේ ඉල්ලුම වැඩිවීම බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සිළුමිණට ප්‍රකාශ කළේය.

ඉල්ලුම වැඩිවීමත් සමඟ නැවත ඩොලරයේ අගය වැඩි වන්නට පටන් ගත් අතර, එම පටන් ගැනීමත් සමඟම ඩොලර් සහ රත්තරන් ආයෝජකයන් ද ඩොලර් ආයෝජන කෙරෙහි වැඩි නැඹුරුතාවක් දක්වා ඇති බවත්, ඔවුන්ගේ ඉල්ලුම සමඟ ඇතිවූ තත්ත්වය යන මේ හේතු දෙකම මෙවර ඩොලරයේ අගය ඉහළ යෑමට බල පෑ බව රාජ්‍ය ඇමතිවරයා හෙළි කළේය.

මෙය තාවකාලික ඉහළ යෑමක් බවත්, පසුගිය සිකුරාදා වන විට ඩොලරයේ අගය නැවතත් රුපියල් 10 කින් අඩු වී ඇති අතර, ඉදිරියේදී තවත් එය පහළ යනු ඇති බවත් ඔහු අවධාරණය කළේය. එසේම මෙම තත්ත්වය තුළ වාහන ගෙන්වීම සුදුසු යැයි ඇතැමුන් යෝජනා කළත්, එය ඉතා ගැඹුරින් සොයා බැලිය යුතු කාරණාවක් වන හෙයින්, ඒ සඳහා කටයුතු කිරීමට රජයට තව කාලයක් අවශ්‍ය බවද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Comments