ජාත්‍යන්තර පාසල් අධීක්‍ෂණයට රජයෙන් විශේෂ ඒකකයක් | සිළුමිණ

ජාත්‍යන්තර පාසල් අධීක්‍ෂණයට රජයෙන් විශේෂ ඒකකයක්

ජාත්‍යන්තර පාසල් පිළිබඳ කටයුතු කිරීමට හා ඒවා පිළිබඳ අධීක්‍ෂණය සහ නියාමනය කිරීම පිණිස විශේෂ ඒකකයක් අධ්‍යාපන අමාත්‍යාංශය තුළ පිහිටුවීමට අධ්‍ය­ාපන කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී යෝජනා විය.

ඒ අනුව දැනට පවතින නීති රාමුව කාලීන අවශ්‍යතාවයන් අනුව සංශෝධනය විය යුතු බව මෙහිදී අවධාරණය කෙරිණි. මෙරට තුළ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර පාසල් පිළිබඳවත්, එම පාසල් පද්ධතිය මඟින් සිසු දරුවන්ට ලබා දෙන අධ්‍යාපනය හා එහි ගුණාත්මකභාවය ඉහළ නැංවීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙ‍රුණු අතර, ‍මෙම පාසල් පද්ධතිය තුළ අධ්‍යාපනය ලබන සිසු දරුවන්ගේ අයිතීන් පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි.

තවද ජාත්‍යන්තර පාසල් සහ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ නොපවතින අනෙකුත් පාසල් නියාමනය කිරීම සඳහා අවශ්‍ය නිර්ණායක ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සකස් කරමින් පවතින බවත් එහිදී අනාවරණය විය.

 

Comments