ගල්ෆ් අරමුදලෙන් ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ග අලුත්වැඩියාව තෙමසකින් නිමවෙයි | සිළුමිණ

ගල්ෆ් අරමුදලෙන් ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ග අලුත්වැඩියාව තෙමසකින් නිමවෙයි

ඔරුගොඩවත්ත අඹතලේ මාර්ග කොටසෙහි (Low Level Road) අලුත්වැඩියා කටයුතු තෙමසක් තුළ අවසන් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් අදාළ අංශ වෙත ඉකුත් සිකුරාදා(16) උපදෙස් ලබා දුන්නේය.

ගල්ෆ් අරමුදල ඇතුළු විදේශාධාර මත මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරන සමස්ත මාර්ග කොටසේ දිග කිලෝමිීටර් 7.7 කි. ඉකුත් මැයි මාසය වන විට මෙහි පළමු අදියරේ ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය 85% ද, දෙවන අදියරේ ප්‍රගතිය 80% ද වේ. වසර 2016 ජනවාරි මස ඇරඹු මෙම මාර්ග ව්‍යාපෘතිය 2020 වසරේ දී අවසන් කිරීමට නියමිතව තිබුණ ද අදාළ කොන්ත්‍රාත් සමාගමේ දුෂ්කරතාව, නිවාස වන්දි ලබාදීම්, ජළනල නිසා මතුවූ ගැටලු ඇතුළු පොදු ගැටලු කිහිපයක් හේතුවෙන් ව්‍යාපෘතියේ කටයුතු නියමිත කාල සීමාවට අවසන් කිරීමට නොහැකිව තිබිණි.

මෙම ව්‍යාපෘති ප්‍රගති සමාලෝචන රැස්වීමට ඇමැතිවරුන් වන ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ ජීවන් තොණ්ඩමන් ද, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. එම්. මරික්කාර් ද , ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ උපදේශක ආචාර්ය ආර්. එස්. එච්. සමරතුංග ඇතුළු අදාළ රේඛීය අමාත්‍යාංශවල සහ ආයතනවල ප්‍රධානීන්ද එක්ව සිටියහ.

Comments