උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ 27 වැනිදා සිට | සිළුමිණ

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ 27 වැනිදා සිට

අ.පො.ස. උසස් පෙළ ( 2023 ) විභාගයේ ලිඛිත පරික්ෂණයට පෙනී සිටි අයැදුම්කරුවන්ට සෞන්දර්ය හා තාක්ෂණවේද විෂයන්වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ මේ මස 27 වැනිදා සිට ජූලි මස 31 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

ඒ අනුව දේශීය නැටුම්, භරත හා පෙරදිග සංගීතය ප්‍රායෝගික පරීක්ෂණ මේ මස 27 වැනිදා සිට ජූලි 6 දා දක්වාත්, ඉංජිනේරු තාක්ෂණවේදය ප්‍රායෝගික පරීක්ෂණ ජූලි මස 12 වැනිදා සිට ජූලි මස 21 වැනිදා දක්වාත්, ජෛව පද්ධති තාක්ෂණවේදයේ ප්‍රායෝගික පරීක්ෂණ ජූලි මස 29 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වේ.

Comments