අන්තර් පාසල් සමස්ත ලංකා බැට්මිට්ටන් තරගාවලිය මහනුවර දී | සිළුමිණ

අන්තර් පාසල් සමස්ත ලංකා බැට්මිට්ටන් තරගාවලිය මහනුවර දී

වයස අවුරුදු 13න් පහළ අන්තර් පාසල් සමස්ත ලංකා බැට්මිට්ටන් තරගාවලිය ජුනි 10, 11 සහ 12 යන තෙදින පුරා මහනුවර නාගරික ගෘහස්ථ ක්‍රීඩාංගණය හා පේරාදෙණිය විශ්ව විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.  
 
තරඟ A,B,C,D සහ E වශයෙන් කාණ්ඩ 05කින් පැවති අතර  දිවයින පුරා පාසල් 107ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී විය. 
 
බාලිකා අංශයෙන්  A කාණ්ඩය යටතේ තරග වැදීමෙන් සම ශූරතාවය දිනා ගැනීමට කොළඹ මියුසියස් විද්‍යාලය හා මාතර සුජාතා විද්‍යාලය සමත්වූණි.  A කාණ්ඩයේ බාලක සම ශූරතාව දිනාගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ රිච්මන් විද්‍යාලය සමත්විය. මෙහිදී D කාණ්ඩ යටතේ තරඟ වැදුණු නාවල විදුර විද්‍යාලය හා කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල කණ්ඩායම බාලක ශූරතාවය දිනා ගත්තේය.
 
අධ්‍යාපන අමාත්‍යංශයේ පූර්ණ අනුමැතියෙන් බැට්මිටන් සංගමය, පාසල් බැට්මිට්ටන් සංගමය සහ මහනුවර ශ්‍රී චන්ද්‍රානන්ද බෞද්ධ විද්‍යාලය එක්ව මෙම තරගාවලිය සංවිධාන කර තිබුණි.

Comments