“අස්වැසුම” තොරතුරු සත්‍යාපනයෙන් 95% ක් සම්පූර්ණයි | සිළුමිණ

“අස්වැසුම” තොරතුරු සත්‍යාපනයෙන් 95% ක් සම්පූර්ණයි

තොරතුරු පරීක්ෂා කර තහවුරු කර ගැනීම සඳහා පත් කරන ලද තේරීම් කමිටු විසින්, අස්වැසුම සුබසාධන දීමනා අපේක්ෂිත ප්‍රතිලාභීන් විසින් ලබා දුන් තොරතුරු වල නිරවද්‍යතාවය සත්‍යාපනය කිරීමේ කටයුතු95% ක් අවසන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. 
 
සිය නිල ගිණුමේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ “අස්වැසුම” යෝජනා ක්‍රමය යටතේ සියලුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීම ජූලි මාසයේ සිට සිදුකරන බවයි.
 
සුබසාධන ප්‍රතිලාභ ලබා ගන්නා පිරිසට පහසුවෙන් හඳුනා ගත හැකි විනිවිදභාවයෙන් යුතු වන, තෝරා ගැනීමේ ක්‍රියාවලියක් මත, මෙම සුබසාධන දීමනා ලබා දීම සහතික කරන බව ඔහු පැවසීය. 
 
"ලැයිස්තුවේ ඇතුළත් කර ඇති නම් හෝ ඇතුළත් කළ යුතු නම් සම්බන්ධයෙන් විරෝධතා හෝ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා යම් කාල සීමාවක් ඉදිරියේ දී දැනුම් දීමට කටයුතු කරනවා. ඒ අනුව, එම තොරතුරු අනුව තීරණ ගැනීමට ද කටයුතු සලසා තිබෙනවා." ඔහු වැඩිදුරටත් සදහන් කළේය. 
 

Comments