හස්ති රාජයෙකු විවෘත කල අටවිසි බුදුකුටි | සිළුමිණ

හස්ති රාජයෙකු විවෘත කල අටවිසි බුදුකුටි

බණ්ඩාරවෙල හීල්ඔය පුරාන විහාරස්ථානයේ වසර අනු තුනකට පසු  අභිනවයෙන් ඉදිකරන අටවිසි බුදුකුටි ඇතුළු බුද පිලීම වහන්සේ විවෘත කිරිම ඊයේ (12)  දින මුතියංගනය රාජමහා විහාරස්ථානයට අයත් මුතු (මුතුබණ්ඩේ) හස්ති රාජයාගේ පින්වත් හොඩවැලින් සිදු කරන ලදි.
 
හීල්ඔය පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරි පුජ්‍යපාද උලගල කුඹුරේ ඥාණරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම උත්සවය සංවිධානය කර තිබිනි.
 
ප්‍රදේශවාසින් හා දානපතියන් ගේ දන පරිත්‍යාග යෙන් ඉදිකරන ලද මෙම අටවිසි බුදු කුටි විවෘත කිරිමේ අවස්ථාව සදහා නායක ස්වාමින් වහන්සේලා ඇතුලු විශාල පිරිසක් සහභාගි වූ අතර රක්ත වර්නයෙන් සැරසි මුතු හස්ති රාජයා මෙයට සහභාගි විය.
 

Comments