පෝලන්තය, රුමේනියාව සහ ජෝර්ජියාව සමඟ තහවුරුවන මිත්‍රශීලීත්වය | සිළුමිණ

පෝලන්තය, රුමේනියාව සහ ජෝර්ජියාව සමඟ තහවුරුවන මිත්‍රශීලීත්වය

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පෝලන්තය, රුමේනියාව සහ ජෝර්ජියාව යන රටවල සංචාරයක නිරත වේ.
 
ඒ අනුව එම සංචාරය අද(13) සිට 20වැනිදා දක්වා සිදු කෙරේ.  
 
පෝලන්තය සහ ජෝර්ජියාව සමඟ පැවැත්වෙන ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන සඳහා සහභාගී වන ශ්‍රී ලංකා දූත පිරිසට රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මහතා නායකත්වය ලබා දෙයි. මෙම ද්විපාර්ශ්වික උපදේශන හරහා දෙරටේ වෙළඳාම, ආයෝජන, සංචාරක ව්‍යාපාරය, අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය, රැකියා, සංස්කෘතිය සහ ක්‍රීඩා වැනි විවිධ ක්ෂේත්‍ර ආශ්‍රිත ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ ප්‍රගතිය සමාලෝචනය කිරීමට නියමිත ය. තවද දෙරට අතර පවත්නා හවුල්කාරිත්වය වැඩිදියුණු කිරීම සඳහා පවතින නව මාර්ග ද මෙහිදී ගවේෂණය කරනු ඇත.
 
ශ්‍රී ලාංකිකයින් සඳහා  රුමේනියාව තුළ පවතින රැකියා අවස්ථා හා සබැඳි කටයුතු විධිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරන රාජ්‍ය අමාත්‍යවරයා, රුමේනියාවේ සංචාරයේ නිරත වන ශ්‍රී ලංකා දූත පිරිසට ද නායකත්වය ලබා දීමට නියමිත ය.
 
දේශපාලන උපදේශන සහ ව්‍යාපාරික රැස්වීම්වලට සමගාමීව, ශ්‍රී ලංකාව සහ අදාළ රටවල් අතර මිත්‍රශීලී සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මහතා ඉහළ පෙළේ බලධාරීන් ද හමුවනු ඇත.
 

Comments