
ජූනි මස 19 වෙනිදා සිට ජූලි මස 04 වෙනිදා දක්වා පැවැත්වෙන ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසල මංගල්‍යය වෙනුවෙන් කතරගම පුදබිම සූදානම්කිරීම මේ දිනවල ලහිලහියේ සිදුකෙරේ.
කතරගම පුදබිම පිරිසිදුකිරීම,විදුලි ආලෝක පද්ධතිය සවිකිරීම,කතරගම බස් නැවතුම්පොළ ඉඳිකිරීම සහ පුදබිමේ සියලු අතුරුමාර්ග ප්‍රතිසංස්කරණයකිරීම මේ දිනවල සිදුකෙරෙමින් පවතී.
කතරගම පුදබිම පවිත්‍රකිරීම සොබා තුරුණුදම පරිසර කණ්ඩායමත්,නගරය සහ පුදබිම ආලෝකකිරීම සඳහා Aura Lanka Entertainment සභාපති විරංජිත් තාඹුගල මහතාගේ ධන පරිත්‍යාගයෙනුත් සිදුකරන අතර කතරගම බස්නැවතුම්පොළ ඉඳිකිරීම දේවාලයේ අරමුදලින් සිදුකෙරේ.
මෙම සියලු කටයුතු බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතාගේ මඟපෙන්වීම සහ උපදෙස් මත කතරගම දේවාලයේ අනුග්‍රහයෙන් සිදුකෙරේ.
මෙම කටයුතු සඳහා පෙරහර සංවිධායක මණ්ඩලය, එකමුතු වෙළඳ සංගමය සහ කදිරපුර සෆාරි ජීප් සංගමය ඇතුළු ප්‍රදේශයේ විවිධ ස්වේච්ඡා සංවිධාන වල සහාය ලැබී ඇති බව කතරගම දේවාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.