
මේ දිනවල වේදිකා නාට්‍යය බොහොමයක් වේදිකා ගතවෙනවා. ඒ අතර බොහෝ ප්‍රේක්ෂකයන්ගෙ ආකර්ෂණය දිනාගන්නට සමත් වුණු වේදිකා නාට්‍යයක් තමයි “සඳුදා වැටෙන්නෙ සිකුරාදාට“ මේ නාට්‍යය රචනා කරම්න් අධ්‍යක්ෂණය කරන්නෙ චාලක රණසූරිය. මීට පෙර සාර්ථක දර්ශනවාර කිහිපයක් වේදිකා ගත වුණු මෙම නාට්‍යයේ නිර්මාණකරු චාලක රණසූරිය සමඟ රසඳුන කළ කතාබහයි මේ.
සඳුදා වැටෙන්නෙ සිකුරාදාට, මොකක් ද මේ කතාව, ඒක කොහොමද එහෙම වෙන්නේ
සඳුදා සිකුරාදාට වැටෙන එක වෙන්න අමාරුයි නෙවෙයි. වෙන්න බෑ. හැබැයි මේ දවසක් දෙක ඇතුළෙ අපේ ජීවිතේ පැටලෙන්න පුළුවන්. සඳුදා වැටෙන්නෙ සිකුරාදාට නාට්‍යයේ මේ දවස් ඇතුළේ පැටලුණ ජීවිත ගැන තමයි කතා කරන්නෙ.
මොකක් ද මේ නාට්‍යයේ අන්තර්ගතය
මේ නාට්‍යයෙ අන්තර්ගතය ගැන කියනවා නම්, අපි අපේ සමාජ තත්‍වයන් ආරක්ෂා කරගන්න කොයිතරම් අනෙකා රවට්ටනවාද? අපි කොයිතරම් රැවටෙනවද?රැවටෙන රවට්ටන පුරුද්දක් විදියට ගියාම, ඒකෙ අවසානය බිහිසුනුයි. ඒක තමයි මෙහි සරල අන්තර්ගතය.
මෙහි ඉන්න නාට්‍යය ශිල්පීන් ගැන කිව්වොත්
ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පීන් රැසක් මේ නාට්‍යයේ ඉන්නවා. කුසල් මදුරංග, සරත් කරුණාරත්න, සුලෝචනා වීරසිංහ, සිලිදු රංවල, ශදිසා ධර්මප්‍රේම. ඒ එක්කම අංග රචනය රංදික ටීශාන්, සංගීත හේශාන් කුරුප්පු. රංගාලෝකය රංග සමරකෝන්. ඇඳුම් නිර්මාණය අමා විජේසේකර, වේදිකා පසුතල නිර්මාණය ප්‍රදීප් චන්ද්‍රසිරි, වේදිකා පරිපාලනය නාමල් ගමගේ, භාග්‍ය රවිශංක ,පසිදු රාජපක්ෂ. මේ නාට්‍ය “අ“ යන්න යට script house වෙනුවෙන් නිෂ්පාදනය කරන්නෙ දිලූපා නිරෝශනී අල්විස්.
මේ වෙද්දි මෙහි දර්ශනවාර කීයක් පෙන්නලා තියෙනවා ද?
දර්ශනවාර හතක් කරලා තියනවා
කොහොමද ලැබුණු ප්‍රතිචාර
ඉතාම ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර තියනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාල සරත්චන්ද්‍ර එළිමහන් රංගපීඨයෙ මැයි 3වෙනිදා අපේ නාට්‍යය දර්ශන වාරයක් තිබුණා. නාට්‍යය පටන් ගත්තේ පොද වැස්සක. නමුත් නාට්‍යය අතරතුරේ වැස්ස වැඩි වුණා. ඒත් ප්‍රේක්ෂකයො කවුරුත් නාට්‍ය ඉවර වෙනකන් නැගිට්ටෙ නැහැ. ඒ වගේම නැවත නැවත මේ නාට්‍ය බලන්න එන ප්‍රේක්ෂකයොත් ඉන්නවා.
මේ කාලය වේදිකාවට සුබද?
ඇත්තටම මේක කිසිම දේකට සුභ කාලයක් නෙවෙයි. රටේ ප්‍රශ්න දරුණුවට තියන කාලයක්. ඒත් ප්‍රශ්න මැද්දෙ ප්‍රේක්ෂකයො නාට්‍යය බලන්න එන ප්‍රවණතාවයක් තියෙනවා.
කොළඹ අවට නාට්‍යය කලාව පමණයි ද ප්‍රේක්ෂකයන්ගෙන් පිරෙන්නෙ
නැහැ. ප්‍රාදේශීය මට්ටමේදිත් අපිට ප්‍රේක්ෂකයො ඉන්නව. නමුත් කොළඹින් පිට හොඳ නාට්‍යය සංවිධානය වෙනවා අඩුයි. සංවිධානය කරන එකත් ලේසි නැහැ. මොකද නගර ශාලාවක් වගේ තැනක් වෙන් කරගන්නකොට ඒ රාජ්‍ය නිලධාරීන්ට නාට්‍යය ගැන තියන අවබෝධය ඉතා අල්පයි. ශාලාවක් වුණත් දෙන්න බලන්නෙ වැඩ කරන පැය අටට බැලන්ස් කරලා. හැබැයි නාට්‍යය දර්ශන වාර දෙකක් කරනකොට රෑ නවය වෙනකන්වත් ශාලාවක් අවශ්‍ය වෙනව. සංවිධානය කරන අය ඒකට වෙනම ගෙවන්න ඕනෙ. මෑතකදී මගෙ මාරක ළිදේ සවාරියක් නාට්‍යය කෑගල්ලෙ ඉස්කෝලෙක කරන්න උත්සහ කළා. ඒක පාසල් ළමයින්ට විශේෂයෙන් ගැළපෙන නාට්‍යක්. හෙළයේ මහා ගත්කරු මාටින් වික්‍රමසිංහ ශූරින්ගෙ ගම්පෙරළියෙ නවකතාවෙ එන චරිත කීපයක් එක්ක තමයි මේ නාට්‍ය නිර්මාණය කළේ. කෑගල්ලෙ මේක කරන්න ගියාම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙ නිලධාරියෙක් කියලා තියෙනවා මොකද්ද මේ නාට්‍යයේ නමම බලන්නකො. ළමයින්ට පෙන්නන්නෙ අසවල් නාට්‍යය කියලා. සිලබස් නාට්‍යය කීපයක නම් කියලා. අපේ මාරක ළිඳේ සවාරියක් පෙන්නන්න අවසරදීල නැහැ. මේ වගේ නිලාධාරීන් තමයි ප්‍රාදේශීය මට්ටමේදි හැම තැනකම ඉන්නෙ. ඒ අයත් සිලබස් නාට්‍යය වලින් එහාට නාට්‍යක් බලපු අය නෙවෙයි. මේ අර්බූදය කොළඹින් පිට නාට්‍ය ප්‍රේක්ෂකාගාරයට දරුණුවට බලපානව.
අනාගත බලාපොරොත්තු මොනවාද?
හැකිතාක් ප්‍රේක්ෂකයො අතරට නාට්‍ය ගෙනියන එක තමයි අනාගත බලාපොරොත්තුව.