ද නිවුස්පේපර් ෂැංහයි සිනමා උලෙළට | සිළුමිණ

ද නිවුස්පේපර් ෂැංහයි සිනමා උලෙළට

ජුනි මස 9 සිට 18 දක්වා චීනයේ ෂැංහයි නගරයේදී පැවැත්වෙන චීනයේ ෂැංහයි අන්තර්ජාතික සිනමා උලෙළ නියෝජනය කිරීමට “ද නිවුස්පේපර්” චිත්‍රපටය තේරී ඇත. එම චිත්‍රපටය තේරී ඇත්තේ ෂැංහයි සිනමා උලෙළේ තරගකාරී නොවූ හොඳම කුලුඳුල් චිත්‍රපට 12 අතරටය.

වසර 1993 වර්ෂයේදී ආරම්භ වූ ෂැංහයි සිනමා උලෙළ නියෝජනය කිරීමට ශ්‍රී ලාංකේය චිත්‍රපටයකට වරම් හිමි වූ 09 වෙනි අවස්ථාව “ද නිවුස්පේපර්” චිත්‍රපටයට මේ අනුව හිමි වේ.

 තරගකාරී සහ තරගකාරී- නොවන යන ප්‍රධාන කාණ්ඩ ද්විත්වය යටතේ චිත්‍රපට 450 කට ආසන්න සංඛ්‍යාවක් මෙවර ෂැංහයි සිනමා උලෙළ නියෝජනයට සුදුසුකම් ලබා ඇති අතර, "ද නිවුස්පේපර්" චිත්‍රපටය තරගකාරී නොවූ 'ඉන්ටර්නැෂනල් පැනොරාමා' කාණ්ඩය යටතේ උලෙළ නියෝජනය කෙරේ.

Comments