
දූෂණ විරෝධි පනතක් අනිවාර්යයෙන් තිබිය යුතු වුවද මේ යෝජිත දූෂණ විරෝධි පනත ගැන නම් සජබ කොහෙත්ම එකඟ නොවන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න සිළුමිණට කීවේය.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ සජබ මන්ත්‍රීවරයා මෙසේද කියා සිටියේය. “දුෂණයට එරෙහි කොමිෂන් සභාව ස්වාධීන විය යුතුයි. මේ පනත සාර්ථකද නැද්ද කියන දේ තහවුරු වෙන්නේ හොරු අල්ලනවාද නැද්ද යන්න තීරණය කිරිමෙනුයි. මේ යෝජිත පනතින් නම් කවදාවත් දූෂණ වංචා හොරු අල්ලයි කියලා විශ්වාස කරන්නේ නැහැ. එය IMF එකට පේන්න ගෙනා පනතක්.
පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කරන වෙලාව වෙනකල් ඉන්නේ නැතුව ඉන් පෙර සංශෝධන ඉදිරිපත් කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා. රටට හිතකර සංශෝධනයට අපි සහය දෙනවා.
ඒ සංශෝධනවල අඩුපාඩු තියෙනවා නම් අපිත් සංශෝධන ඉදිරිපත් කරනවා“.