
මේ වසරේ ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව අනුව දිවයිනේ ඒ ඒ මැතිවරණ දිස්ත්‍රික්ක සඳහා තෝරාපත් කර ගත හැකි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 196 කි. වසර 2023 ජනවාරි 31වැනිදා දක්වා ලියාපදිංචි ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව අනුව වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් තේරි පත්වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 19 කි. අඩුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව තේරී පත්වන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 4 කි. මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර ඇති පරිදි අදාළ දිස්ත්‍රික්ක සඳහා මන්ත්‍රීවරුන් 196 දෙනා පත්වන්නේ ගම්පහ 18, කළුතර 10, මහනුවර 12. කුරුණෑගල 15, රත්නපුරය 11, පුත්තලම සහ නුවරඑළිය 8 බැගින් ද, මාතර, හම්බන්තොට, දිගාමඩුල්ල සහ යාපනය 7 ද බැගින් ද, වන්නි සහ මොණරාගලින් 6 බැගින්, මාතලේ, මඩකළපුව සහ පොලොන්නරුවෙන් 5 බැගින් ද, අනුරාධපුරය, බදුල්ල, ගාල්ල සහ කෑගල්ලෙන් 9ක් වශයෙනි.