
ගිනිකොන දිග අරාබි මුහුදු තීරයේ සුළු කුණාටුවක් හේතු කොටගෙන සුළි කුණාටුවක් වර්ධනය වූ අතර එය හේතු කොට ගෙන නිරිත දිග මෝසමෙන් වර්ෂාපතනය මඳින් මඳ ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සිළුමිණට ප්‍රකාශ කළේය.
බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ වැනි පළාත්වලට මේ තත්ත්වය වැඩි වශයෙන් බලපානු ලබන අතර මධ්‍යම කඳුකර ප්‍රදේශවලට එහි බලපෑම අඩු අතර කාලගුණ වාර්තාවලට අනුව ජුනි 09 සහ 10 යන දෙදින තුළ වර්ෂාපතනය වැඩිවීමක් දක්නට ලැබේ. මේ අතර කඩින් කඩ වැසි වැටීම සුළු කුණාටු තත්ත්වයක් නිසා ඇති වූවක් නොවෙන බව ද කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේය.