සැක කටයුතු ලෙස මිය ගිය දරුවෙකුගේ මළ සිරුරක් හමුවෙයි | සිළුමිණ

සැක කටයුතු ලෙස මිය ගිය දරුවෙකුගේ මළ සිරුරක් හමුවෙයි

විදුරු බෝතලයක කටු ඇනී තුවාල සහිතව මියගොස් සිටි දරුවෙකුගේ මළසිරුරක් මුල්ලේරියාව, හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක් ඉදිරිපිට තිබී සොයාගෙන ඇත. 
 
119 හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත මුල්ලේරියාව පොලීසිය සිදුකළ විමර්ශනයකදී ඊයේ (08) සවස මෙලෙස එම දරුවාගේ මළසිරුර සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි. 
 
මියගොස් ඇත්තේ අවුරුදු 5යි මාස 6ක් පමණ වයසැති මාලඹේ, හල්බරාව ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකි. 
 
මියගිය දරුවාගේ පියා වෙන්ව ජීවත් වන අතර මව දිවාකාලයේ රැකියාව සඳහා පිටව යන බැවින් එම දරුවා ආච්චි සහ සීයාගේ රැකවරණය යටතේ සිට ඇති බව අනාවරණය වී තිබේ.
 
මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ ස්ථානීය පරීක්ෂණය මේ වනවිට සිදුකර ඇති බව පොලීසිය සඳහන් කරයි.
 
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය මුල්ලේරියාව බෝවන රෝග විද්‍යායතනය වෙත යොමුකර තිබේ. මෙය මනුෂ්‍ය ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීම සදහා මුල්ලේරියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.  

Comments