තමන් නිවැරදිකරු බව ධනුෂ්ක කියයි | සිළුමිණ

තමන් නිවැරදිකරු බව ධනුෂ්ක කියයි

තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවර ඩව්නිං සෙන්ටර් අධිකරණයේදී ප්‍රකාශ කර තිබේ.
 
ඒ අනුව, ඔහුට එරෙහි නඩු විභාගය අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස අධිකරණය නියම කර ඇත.
 
පසුගිය වසරේ පැවති පන්දුවාර 20 ලෝක කුසලානය අතරතුර සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගත් තරුණියකට ලිංගික අතවර කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ධනිෂ්කට එරෙහිව පළමුවෙන් චෝදනා 04 ක් ගොණු කෙරුණි.
 
පසුගිය නඩු වාරයේදී එයින් චෝදනා 03 ක් ඉවත් කර ගැනීමට ඕස්ට්‍රේලියානු විමර්ශන අංශ පියවර ගත්‌තේය.
 
කෙසේවෙතත්, අනෙක් පාර්ශවයේ කැමැත්තකින් තොරව ලිංගික කටයුතුවල යෙදීම යන චෝදනාව ඔහුට එරෙහිව තවදුරටත් පවතී.
 
පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී සිඩ්නි නගරයේදී පොලිස් කණ්ඩායමක් විසින් ධනුෂ්ක ගුණතිලකව අත්අඩංගුවට ගැනුණි. ඔහු එරටට ගොස් සිටියේ විස්සයි විස්ස ලෝක ක්‍රිකට් ශූරතාවලියට සහභාගී වීම සඳහාය.
 
 
 
 
 
 
 
 
 

Comments