
වඳුරු උණ හෙවත් මංකි පොක්ස් වෛරසය වැළඳුණු රෝගීන් දෙදෙනෙකු ශ්‍රී ලංකාව තුළින් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
ඩුබායි සිට පැමිණි මවක් සහ දියණියක් කටුනායක ගුවන්තොටුපලේදී හඳුනා ගැනීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච්.රෝහල වෙත යොමුකර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
මොවුන්ගේ පවුලේ සෙසු සාමාජිකයන් ද පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව හුදකලා කර තැබීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.