යුක්රේනයේ වේල්ල කැඩී යයි - ගම්මාන රැසක් ජලයෙන් යටවෙයි | සිළුමිණ

යුක්රේනයේ වේල්ල කැඩී යයි - ගම්මාන රැසක් ජලයෙන් යටවෙයි

යුක්‍රේනයේ නෝවා කකොව්කා (Nova Kakhovka) වේල්ල කැඩී යාමෙන් පසු එම ප්‍රදේශයේ පහත්බිම්වල දහස් ගණනක් ජනතාව ඉවත් කර ඇත.
 
රුසියාවේ පාලනය යටතේ පවතින යුක්‍රේනයේ ප්‍රධාන වේල්ලක් ලෙස නෝවා කකොව්කා හැදින්වේ.
 
කර්සන් නගරයේ පිහිටි ඩ්නිප්රෝ ගංගාවේ ජලය හරස් කර ඉදිකර ඇති වේල්ල කැඩී යාමෙන් මේ වනවිට හදිසි ගංවතුර තත්ත්වයක් ඇතිව තිබේ.
 
නෝවා කකොව්කාහි වේල්ල විනාශ වීමෙන් පසු නගර සහ ගම් 80 ක් ජලයෙන් යටවිය හැකි බව යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කරයි. 
 
පුද්ගලයින් 40,000ක් පමණ අවතැන්ව ඇති බවයි යුක්‍රේන වාර්තා සඳහන් කරයි.
 
වේල්ල කැඩීගියේ ද නැතහොත් රුසියාව එය කඩාදැමුවාද යන්න පිළිබඳ සැකයක් මතුව ඇති බව යුක්‍රේන ජනාධිපතිවරයා සදහන් කර ඇත. කෙසේ නමුත්  රුසියාව එම චෝදනා ප්‍රතික්ෂේප කර සිටියි.
 
සපොරිෂ්ෂියා න්‍යෂ්ටික බලාගාරයට අවශ්‍ය සිසිලන කටයුතු සදහා ජලය ද සපයන්නේ මෙම ජලාශය මගිනි. යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය ද එය වේ.
 

Comments