මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් අත්අඩංගුවට | සිළුමිණ

මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. 
 
කොළඹ පිහිටි ඔහුගේ නිවසේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ මරදන්කේනි සහ ජයපුරම් පොලිස් ස්ථානවල නිලධාරීන් පිරිසක් විසිනි.
 
ඉකුත් 02වැනිදා වඩමාරච්චි ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක් අසලදී පොලිස් නිලධාරීන් පිරිසක් සමඟ ඇති කරගත් ආරවුල මන්ත්‍රීවරයා මෙසේ අත්අඩංගුවට ගැනීමට හේතු වී තිබේ.
 
මෙම සිද්ධියට අදාළව පොලීසිය කිලිනොච්චිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය  මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද ඊයේ(06) පනවනු ලැබීය.
 
මේ අතර විභාග මධ්‍යස්ථානය ආසන්නයේ ඇති වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් තවත් දෙදෙනෙකු ද ඊයේ අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළේය.
 

Comments