කවි සිළුමිණ | සිළුමිණ

කවි සිළුමිණ

පොසොන් සඳ


පොසොන් සඳ එබී රන්වන් පොළොව සිඹී
මලින් හැඩ වෙවි ගහ වැල බුදුන් වඳී
පවන් රොද වැදී බොදු හඬ නඟන කොඩී
මෙවන් අසිරි මැද සම­රමු මිහිඳු හිමී 

ලය­නල් ගමගේ


බුදු රැස් විහි­දෙයි මිහි­න්තලේ


සුදු අර­ලිය මලින් පිරි පඩි­පෙළ නැඟලා
බොදු බැති සාදු නද සිවු­දිග පතුරවලා
පිදු අම්බ­ස්ත­ලය පොසො­ඟෙට හැඩ වීලා
බුදු රැස් විහි­දුනා මෙනි සඳ­රැස් වැටිලා
කළු ගල් කොටා සිතු­ව­ම­කට පෙර­ළුවා
බැදි ගල් මතින් මහ වෙහෙ­රක් ඉදි­වුවා
මහ ඇල්ම­කින් පඬි­වරු බණ පද ලීවා
හැම­කල් අපේ සිත් දහ­මින් බර වූවා
නැඟ ආ පොසොන් සඳ නොබැ­සම සිටි­න්නට
මඟ වැර­දිලා ජීවන මඟ නොය­න්නට
සැඟ වුණ කෙලෙස් මල බැහැ­රව කර­න්නට
පේවි සිටිමු බුදු බණ අපි රකි­න්නට

බිමල් හේරත් මුද­ලි­නා­යක


බලා සිටි­නෙමු අපිත්

බලා සිටිති අද­ටත්
මුව පොව්වන්
නෙත් යොමා
ඔබ වහන්සේ
වැඩම කර­තැයි සිතා
මිස්සක පව්වට...
මර­ණ­යෙන් ගැල­වෙන්න
නිද­හසේ දිවි ගෙවන්න
අසා සිටිති අද­ටත්
මුව පොව්වන්
සවන් යොමා
ඔබ වහ­න්සේගේ
හඬ ඇසෙන තෙක්
මිස්සක පව්­වෙන්...
මර­ණ­යෙන් ගැල­වෙන්න
නිද­හසේ දිවි ගෙවන්න

මාලතී රූපිකා පුංචි­හේවා


අනු බුදු හිමි­යනි

මිස්සක පව්වට බුදු රැස් වැටිලා
අනු­බුදු හිමි­යන් වැඩ­ම­වලා
මිස­දු­ටු­වන් වූ සිරි­ලක වැසි­යන්
බොදු බැති­යෙන් සිත් පුබු­දු­වලා
කලා­සිල්ප සිවු­සැ­ටක් උගන්වා
මිනි­සුන් යහ­මඟ වෙත හරවා
සිරි­තෙන් විරි­තෙන් සිත් සන­හ­න්නට
උතුම් දහම් ගති පුබුදු කළා
ගුණ­දම් වඩවා සිත් හැඩ ගන්වා
අවි­හිං­සක බව පතු­ර­වලා
මේ මහ කල්පය ගෙවෙන තුරා­වට
නොමැ­කෙන ලෙස බණ ඉතිරි කළා

එච්.ඩී.ඒ. සෝම­රත්න හර­ස්ගම


පැතු­මක්


කලා­වැව රැලි නඟන විලසේ දහම් සිතු­විලි මැවෙ­නවා
රුව­න්වැලි මහ සෑය අබි­යස සිල් සුවඳ සිත නිව­නවා
හමා එන මඳ සුළඟ අතරේ දැයේ අභි­මන් ඇසෙ­නවා
මිහිඳු අනු­බුදු සමිඳු සර­ණින් රටට යහ­පත සැදෙ­නවා

රත්න­සිරි පති­රණ


නමාමි මිහිඳු හිමි


මිස්සක පව්වට
සඳ දිය වැටිලා
අම්බ­ත්ත­ල­යම
දෝරෙ ගල­නවා
මිහිඳු මහිමි
බැති­යෙන් නම­දි­නවා
තෙරු­වන් ගුණ­යම
සුව දෙනවා

ශ්‍රීමතී කුමාරි ජය­කොඩි


බුදු හිමි දුටු­වෙමි


තණ්හාවේ
ඝෝර සපුන්
හද කුටියේ
දරණ ගසා
ආශාවේ රැහැ­නින්
බැඳ
යායුතු මඟ
අවුරා ඇත
වරෙක යෝධ
අනු­රුව ළඟ
නැවතී
වන මලින් පුදා
ඉල්ලා සිටි­යෙමි
අම පැන්
නිහ­ඬය ඒ
සෙල් බුදු­රුව
ඉමක් කොණක්
සොයනු පිණිස
හිත සම­හන් කොට
බැලු­වෙමි
දම් එළි­යෙන් නිවී නිවී
සැබ­වින් බුදු හිමි දුටු­වෙමි

මහ­ගම සීලා­නන්ද හිමි


ඇරැ­යු­මක්


පුන් සිසි කිරණ සිප - සිප මිස්සක පව්ව
පිළි­ගති - මිහිඳු හිමි දම්සෝ රජු එව්ව
පෑතිස් නිරිඳු මුව දඩ­යම වෙත දිව්ව
නැව­තුනි - බුදු සසුනෙ සිරි­ලක අග සව්ව
සන­රා­මර මහිමි - දෙසු දම් අමා­වෙන්
පලවා හැරිය - මොහ­ඳුරු කළු වලා­වෙන්
පුබු­දනු පිණිස - යළි සාහිත කලා­වෙන්
ඇරැ­යුම් කරමි - අද සැම­ටම දයා­වෙන්

අම්බ­ල­න්ගොඩ සම­ර­නා­යක


පින්බර පැතුම්

ගස් ගල් අද­හ­මින් ජීවිත ගත කෙරුව
සිරි­ලක් වැසි­යන්ට තෙරු­වන හුරු කෙරුව
බුදු බණ සමඟ නිර­තුරු දම්රස බෙදුව
බැති­යෙන් යුතුව සම­රමු අනු­බුදු හිමිව
ලක්දිව සැම දෙනට අග හිඟ දුරු­වේවා
නොම­ඟට ගිය අය සුම­ඟට යොමු­වේවා
බුදු බණ, බුදු සරණ දස­තම පැති­රේවා
පොසොන් පොහොය දින සැම­ටම සෙත්වේවා

සඳ­මිණි රවි­හංසා සර­ණ­සු­රිය


කම්පිත පොසොන් සඳ


අම්බ­ස්තල ගල පාමුල
අත­රමං වුණු තිස්සලා
දුනු ඊතල වැදී
පණ අදින මුවන් දැක
පොසොන් සඳත්
කම්පි­තව ...

ගාමිණී දළු­වත්ත


චින්ත­නය

ඉසිකෝ මාන නිති මන­සින් ඉවත් කර
හොඳ මිනි­සකු වන්න පෝ දින පුර
යහ­පත් වැඩට නැඹු­රුව නිති දරන වෙර
මතු බව­යක උපදී හොඳ ලොවක සුර
ආ මිස පූජා පම­ණක් පින ලැබෙන නියා
කට­යුතු කරන ජන­තා­වනි දැහැමි දයා
දන් සිල් භාවනා ආදිය පෙරට තියා
කට­යුතු කිරී­මෙන් යා හැක නිවන සොයා

ජේ. පී. අබේ­සි­රි­ව­ර්ධන


මෙදා පොසොන්

එද වස මිහි­න්ත­ල­යෙන් ගැලු දහම කඳ
අද නැත දහම් දීපය තුළ තැවෙයි හඳ
පැන­යක් අසමි අනු­බුදු පා කමල වැඳ
පායා­විද මෙවර අහසේ පොසොන් සඳ
අද­මිටු කුහක ගති ඉව­තට දා මින්න
පස් පවු නොකර දැහැ­මිව ජීවත් වන්න
මෙත් කරු­ණාව හැම හද­කම ඇති වන්න
බුදු බණ සිතට ගෙන යහ මඟ ඔබ යන්න

ඩබ්ලිව්. ජේ. කේ. ඒ. පිය­සිරි


අනු බුදු සාදු

හිමි­යනි ඔබේ ගුණ මිස්සක පව්ව තුළින්
පැති­රිණි එදා මගෙ බිම සිවු දියත බැතින්
එම වැනි දිනක මම වන­පස සුවඳ මලින්
හිමි­යනි කොතෙක් පිදු­වත් ඇති වෙයිද ඉතින්
හද­වත පිරී ඇති­නම් බුදු දම අනුව
දස අත ගැයේ ඔබ ගුණ ගීයෙහි තනුව
අත අත ඇතිව වන මල් පා යුග පිදුව
හිමි වත නොදුටු එක මගෙ දිවි­යට අඩුව
මිස්සක පව්ව ළඟ ඔබ ගුණ ගැයෙන විට
මස් ඇට මිදුලු සිසි­ලස වෙයි පපුව යට
පස් මල් පුදා හිමි­යනි පා සිඹින විට
දෙනෙ­තින් වැටෙ­නවා බැති­බර කඳුළු කැට

එම්. ආර්. සම­ර­සේ­කර


පොසොන් සඳ­රැස්

මිනි­සත් බවක් ලැබ ගන්නට උතුම් පළේ
සව­නක් දමින් හිමි හද­වත් පහන් කළේ
නොමි­නිස් ගුණෙන් සිටි අය ගුණ­ව­තුන් කළේ
සඳ­රැස් පොසොන් ගැලූ දින­කය මිහි­න්තලේ
හිමි­යනි ඔබ වැඩිය හින්දා මිහින්තලේ
පැළ­වුණි ලංකා බුදු­ සා­සන සඳුන් පැළේ
එහෙ­යිනි සිහල දන හරි මග ගමන් කළේ
බැබ­ළුණි රටට තව­මත් දම් රසින් බලේ

අමු­වල අම­ර­සේන


පොසොන් දහම

දහමේ බලය මැද නිවනේ සුව සෑදු
සහනේ සැදේ සිත ලොව්තුරු රස වීදු
පහදා සසර දුක නිර්මල මඟ පෑදු
සන­රා­මර මිහිඳු හිමි­යන් හට සාදු
දන්සැල් දම් දෙසුම් සුවි­සල් තොරන් පෙනේ
සන්සුන් සිත් සතන් අඳු­රින් තුරන් වුනේ
පින් දම් කරන දන මන­සින් පැතුම් ගෙනේ
දන්පින් කරමු සතු­ටින් මේ පොසොන් දිනේ

සිරි දන්ත­නා­රා­යන


දිදු­ලන පොසොන් සඳ

නව රට සසුන් කෙත වපු­රන සිතින් මුදු
අව සර­යෙන් පැමිණි පිරි­වර දෙවන බුදු
රුව දුටු එදා මහ වන මැද සිකරෙ කඳු
තව මත් පොසොන් දා දිදු­ලයි සුපුන් සඳු
සිඳ බිඳ අවිඳු තිර පට වැසි ගන අඳු­රෙන්
හද දුටු මහ රජුගෙ ඇසු අඹ පැන හත­රෙන්
බිඳ බිඳ දහම් රස වෑහෙන යුරු මිහි­රෙන්
සද හම් දෙසුවේ "සුළු ඇත් පද" සුතු­රෙන්
සල් සපු නා පියුම් ගත් දන මුනි පුදට
ගල් පඩි නඟින සද විස්සක මිණි ලෙනට
සිල් සුව­ඳින් පිරී ගිය අනුරා පුරට
මල් වැසි වසී මහ මෙවු­නාවේ බිමට

ඩබ්ලිව්. කේ. සරත් විම­ල­සිරි



පොසොන් අරුත

අනු­බුදු හිමි වැඩිය දින සම­රන ඇත්තෝ
එහි ඇති අරුත තේරුම් කර­ගෙන නැත්තෝ
සිරි­තට විරි­ත­ටද පම­ණක් වී ගැත්තෝ
සද­හම රව­ට­මින් පවු පුරවා ගත්තෝ
වේවා නිදුක් සිය­ලුම සත්වයො කීවත්
බොරු­වක් වෙලා ඇත සද­හම් බිම තාමත්
නිද­හ­ස­කට කරුණු කොප­මණ ඇද බෑවත්
කළ පව් ගෙව­න්නට සිදු­වෙයි හැම­දා­මත්
මුව පොව්ව­කුගෙ දිවි ගලවා වැඩි දහම
කෙලෙ­සිය යුතු නොවේ විල­සින් ලෙස කිසිම
කෙරු­වත් නිර­න්ත­ර­යෙන් වැදි බණ දෙසුම
තව­මත් හඳු­න­ගෙන නැත අප බුදු දහම

ගාමිණි ලිවේරා


පෙර­ළිය


ලොවු­තුරු සුවය සැන­සුම දෙන බුදු දහම
තිළි­ණෙට ලක් මවුන් හට අත්වන තුරුම
පහ­දන හොඳ නරක පව් පින් යන දෙකම
නොති­බුණ සේය මෙහි ආග­ම­කුදු කිසිම
පව­සද දහම් පැමි­ණී­මෙන් මිහිඳු තෙර
නිවුනා රටම බැති­බර සිත් පිනට බර
පවු මළ නොඑන සේ ජීවිත දැහැමි කර
දන ලක දම්දි­වක් කෙරු­වහ රැගෙන වෙර

ඩී.සී. වැලි­කල


පොසොන් සුවඳ

මිස්සක පව්ව පෙදෙ­සින් ඔබෙ රුව සුදිලේ
පස්කම් සැපතෙ ආදී­නව ජනිත කළේ
විස්කම් දරන සිවු සැට කුල පහළ කළේ
රැස් විහි­දුවා අනු­බුදු හිමි වැඩම කළේ
මිහිඳු හිමි­යනේ අද වැනි දිනක පොසොන්
සම්බුදු හිමි දෙසු බුදු මඟ අනුව යමින්
වැලඳූ දහම් රස ලක්දන සැවොම තුටින්
පැලඳූ වැන්න සිරි­ලක මිණි කිරුළ ඉතින්
අනු­රා­පු­රයෙ සිරිමා බෝ සමිඳු වෙත
සන­රා­මර බුදු ගුණ හඬ ඇසෙනු ඇත
දහ­රා­වක්ය සිල් සුව­ඳයි සසුන් කෙත
අජ­රා­මර නිවන් සැප හැම ලැබෙනු ඇත

ආනන්ද අබේ­වි­ක්‍රම


චින්ත­නය

ඉසිකෝ මාන නිති මන­සින් ඉවත් කර
හොඳ මිනි­සකු වන්න පෝ දින පුර
යහ­පත් වැඩට නැඹු­රුව නිති දරන වෙර
මතු බව­යක උපදී හොඳ ලොවක සුර
ආ මිස පූජා පම­ණක් පින ලැබෙන නියා
කට­යුතු කරන ජන­තා­වනි දැහැමි දයා
දන් සිල් භාවනා ආදිය පෙරට තියා
කට­යුතු කිරී­මෙන් යා හැක නිවන සොයා

ජේ. පී. අබේ­සි­රි­ව­ර්ධන


අනු­බුදු සුව­ඳයි දහම් අමා­වයි

මිහි­න්ත­ලා­වට වැටිලා පොසොන් සඳ
සහන් සිසිල වඩ­වයි ගත සිතේ හොඳ
දොහොත් මුඳුන් දී සුර­තින් මුනිඳු වැඳ
දහම් සිතින් සැන­සෙමු පුද බිමේ ඉඳ
නැතත් අපට හිමි­යනි ඔබ දකින පින
සිතක් ලදිමි නම­දි­න්නට ඔබගෙ තැන
ගියත් කලක් ගතවී තව ගිමන් ගෙන
සිරි­ලක් බිමට ආයෙත් හිමි වඩිනු මැන

සමන් ගාල්ලගේ

Comments