- අමාත්‍යාංශය කරුණු පැහැදිලි කරයි
ජාතික කම්කරු උපදේශන සභාව සඳහා තෝරා ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව ඇතැම් වෘත්තීය සමිති විසින් මෑතකදී කරන ලද යම් යම් ප්‍රකාශයන් පිළිබඳව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් කරුණු දැක්වීමක් කර තිබේ. එම උපදේශන සභාව සඳහා තෝරා ගැනීමේ ක්‍රියාවලියේදී කාන්තා නියෝජිතවරියක ඉවත් කරන ලද බවට යම් පාර්ශ්වයයන් විසින් වැරදි තොරතුරු සමාජගත කිරීමක් පිළිබඳවද අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.
ජාතික කම්කරු උපදේශන සභාව නැවත පත් කිරීම ජාතික කම්කරු උපදේශන සභා ව්‍යවස්ථාවට අනුව සාමාන්‍ය ක්‍රියාවලියක් වන අතර මෙය ව්‍යවස්ථාවට අනුව වාර්ෂිකව සිදු කළ යුතුය. මෙහි මූලික අරමුණ වන්නේ ජාතික මට්ටමේ සභාවකදී වැඩි නියෝජනයක් ඇති වෘත්තීය සමිති හඬක් ඇති කිරීමය.
ජාතික කම්කරු උපදේශන සභාවට තෝරා පත් කර ගැනීමේදී වෘත්තීය සමිති අත්තනෝමතික ලෙස තෝරා ගැනීමත් කිසිවකුටවත් කළ නොහැකි බව අමාත්‍යාංශය තහවුරු කර සිටී.