පසුගිය සතියේ වැඩි අවධානයක් යොමු වූයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට හමුවේ සිදු කළ විශේෂ ප්‍රකාශයයි. ආණ්ඩු පක්ෂයේ මෙන්ම විරුද්ධ පක්ෂයේද බොහෝ දෙනකුගේ අවධානය මෙම කතාව පිළිබඳව යොමු වීම විශේෂත්වයකි.
ජනපති රනිල්ගේ කතාවට පැසසුම්
2048 වසරේ සංවර්ධිත රටක් බිහි කිරීම අරමුණු කරගනිමින් ජනාධිපති රනිල් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කළේ බ්‍රහස්පතින්දා රාත්‍රියේය.
පසුගිය කාලයේ ජනපති කිහිප විටක් ජාතිය අමතා ප්‍රකාශ කළ ද ඒවාට මෙවර තරම් ප්‍රතිචාරයක් හිමි වූවේ නැත. නමුත් මෙවර ප්‍රකාශයෙන් පසු පක්ෂ විපක්ෂ බොහෝ දෙනෙක් ජනපතිට කතා කොට කතාව අගය කිරීමට උත්සාහ කිරීම නිසා ජනපතිගේ පෞද්ගලික දුරකතනයට නිවනක් නොවීය.
ස.ජ.බ, දෙමළ ජාතික සන්ධානයේ මෙන්ම ජාතික ජන බලවේගයේ කිහිප දෙනෙක් ද ජනපති අමතා කීවේ විශේෂ ප්‍රකාශයෙන් ඉදිරිපත් කළ වැඩපිළිවෙළ හැර විකල්පයක් රට ගොඩ නැඟීම වෙනුවෙන් නොමැති බවය.
ජනපතිගේ ජපන් සංචාරයේ ප්‍රගතිය
ජපාන සංචාරය නිමකොට මෙරටට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය නිෙවසට ගොස් ගිමන් හැරීමටවත් නොනැවතී පිටත්වූවේ මහියංගණය පුදබිම වෙත ය. ඒ මහියංගණය පුදබිම පූජාභූමියක් ලෙස පත් කිරීමේ සන්නස් පත්‍රය විහාරාධිපති හිමියන්ට පූජා කිරීම උදෙසාය.
එදින රාත්‍රියේ එහි නතරවූ ජනපති රනිල් පසුදා අලුයම කොළඹ බලා පැමිණීමට පිටත් වූවේ වැඩ රාජකාරි බහුල බැවිනි. ජනාධිපති කාර්යාලය වෙත ජනපති පැමිණෙන විටත් මැති ඇමැතිවරු පිරිසක් එහි පැමිණ සිටි අතර බොහෝ දෙනකු ජනපතිගෙන් විමසුවේ ජපාන සංචාරයේ ප්‍රගතිය ගැනය.
රනිල් හිටපු අගමැතිවරුන් පස්දෙනකු සමඟ
ජපානයේ හිටපු අගමැතිවරුන් පස් දෙනකු මුණ ගැසීම ගැනද මෙහිදි ප්‍රසාදය පළවිණි. ජපානය පොදුරාජ්‍ය මණ්ඩලයට සම්බන්ධ විය යුතු බවට ජනාධිපතිවරයා කළ යෝජනාව ජපන් රජයේ ප්‍රසාදයට හේතුවිණි.
ජේ.ආර්.ගෙන් පසු රනිල්ට ලැබුණු සහතිකය
“1977 දී ජනාධිපති ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමන්ගෙන් පසුව පළමු වතාවට යළිත් ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ගැන ලෝකය සහතිකයක් දුන්නේ වත්මන් ජනපතිතුමා.” ඇමැති වජිර කීවේ උද්දාමයෙනි.
ජනපති රනිල් වික්‍රමසිංහ ජපන් අගමැති, විදේශ ඇමැති සහ මුදල් ඇමැතිට අමතරව ජපන් ඩිජිටල් ඇමැතිද මුණ ගැසුණි. සාමාන්‍යයෙන් විදේශ සංචාරයකදි රාජ්‍ය නායකයෙකු මුණ ගැසෙන්නේ අගමැති, මුදල් ඇමැති හා විදේශ ඇමැති යන පිරිස පමණකි. නමුත් ජනපති රනිල් ඉන් ඉදිරියට යමින් ජපාන ඩිජිටල් ඇමති ද මුණ ගැසිණි. සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ද ඇතුළු නවතා දැමූ ජපන් ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම ගැනත්, මින් ඉදිරියට ආයෝජන ව්‍යාපෘතියක් නතර කරන්නේ නම් පාර්ලිමේන්තුවේ අවසර ගත යුතු බවටත් ජනපති රනිල් කළ ප්‍රකාශය ගැන ජපන් රජයේ ප්‍රසාදය හිමිවූ බව විස්තර කළේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකය.
විනය පරික්ෂණ ගැන රනිල් වඩිවේල්ගෙන් අසයි
ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපති ලෙස පත්වූ සාගල රත්නායක මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පළමු වතාවට ජනපති මුණ ගැසුණේ ඉකුත් බදාදාය. එම අවස්ථාවට එහි ලේකම් වඩිවෙල් සුරේෂ් ද හිටපු සභාපති හරීන් ප්‍රනාන්දු ද පැමිණ සිටියෝය.
“ආ ඔබතුමාට විනය පරීක්ෂණයකුත් දාලා කියලා ආරංචියි. මෙතනට ආවා කියලා දැන ගත්තොත් මොනවා කරයි ද දන්නේ නෑ.” වඩිවෙල් සුරේෂ් දෙස බලමින් ජනපති කියද්දී සැමට සිනහව නවතා ගත නොහැකිවිය.
“මම කාටවත් බය නෑ. මම හරි දේ කරන්නේ.” වඩිවෙල් සුරේෂ් පිළිතුරු බැන්දේ එලෙසිනි.
ජනපති රනිල් සුපුරුදු පරිදි බ්‍රහස්පතින්දා මුදල් අමාත්‍යාංශය වෙත පැමිණියේ ආර්ථික තත්ත්වය ගැන සාකච්ඡා කිරීමටය. මේ අවස්ථාවට මැති ඇමැතිවරු පිරිසක් ද එක්ව සිටියෝය.
ගෙවල් පුච්චන මාධ්‍ය ආයතන ගැන මනුෂ කියයි
“මාධ්‍ය නිදහස නැති කරන්න විකාශන අධිකාරි පනත ගේන්න යනවා කියලා මාධ්‍ය ආයතන කලබල වෙලා.” ඒ හඬ වජිරගෙනි.
“මාධ්‍යවේදීන් හිරේ දාන්න ජනාධිපතිතුමාට නම් ඕනකමක් නෑ. හැබැයි ඉතින් මාධ්‍ය ආයතන මැදිහත් වෙලා මිනිස්සුන්ගේ ගෙවල් පුච්චන්නේ නැතිනම් කිසි දේකට බය වෙන්න අවශ්‍ය නෑ.” ඇමැති මනූෂ කියද්දී සැමට සිනහව නතර කරගත නොහැකි වූහ.
“බිල් ගේට්ස් ගේ කණ්ඩායම ජනාධිපතිතුමා මුණ ගැසුණට පස්සේ විපක්ෂ නායකතුමාවත් මුණ ගැසිලලු නේද?” ඒ පැනය මන්ත්‍රී මධූරගෙනි.
වජිර හෙළි කළ රස රහස
“ඔව් ගිය කණ්ඩායමට මුකුත් කතා කරන්න වෙලා නෑ. මොකද විපක්ෂ නායකතුමා තමයි වැඩිම කාලයක් කතා කරලා තියෙන්නේ.” ඇමැති ප්‍රසන්න කියද්දී වජිර කීවේ “ඉන්දියාව එයාලගේ විපක්ෂය පන්නන්න හදද්දී අපේ ජනාධිපතිතුමා විපක්ෂ නායකතුමාව රැක ගන්න කටයුතු කරනවා.” කියලාය.
එහි පිරිස එවිට කොක් හැඬලූව ද ජනපති කට කොනකට සිනහවක් පෑවා මිස කිසිවක් කීවේ නැත.
ජනපති ජාතිය අමතයි
2048 වසරේ සංවර්ධිත රටක් බිහිකිරීම අරමුණු කරගනිමින් ජනාධිපති රනිල් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කලේ බ්‍රහස්පතින්දා රාත්‍රියේය.
පසුගිය කාලයේ ජනපති කිහිප විටක් ජාතිය අමතා ප්‍රකාශ කළ ද ඒවාට මෙවර තරම් ප්‍රතිචාරයක් හිමි වූවේ නැත.
නමුත් මෙවර ප්‍රකාශයෙන් පසු පක්ෂ විපක්ෂ බොහෝ දෙනෙක් ජනපතිට කතා කොට කතාව අගය කිරීමට උත්සාහ කිරීම නිසා ජනපතිගේ පෞද්ගලික දුරකතනයට නිවනක් නොවීය. ස.ජ.බ, දෙමළ ජාතික සන්ධානයේ මෙන්ම ජාතික ජන බලවේගයේ කිහිප දෙනෙක් ද ජනපති අමතා කීවේ විශේෂ ප්‍රකාශයෙන් ඉදිරිපත් කළ වැඩපිළිවෙළ හැර විකල්පයක් රට ගොඩ නැගීම වෙනුවෙන් නොමැති බවය.
දේශපාලඥ්යන්ට අමතරව ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් රැසක්ද ජනාධිපති ඇමතූ අතර ජනාධිපති සම්බන්ධ කරගත නොහැකි වූ තැන ජනාධිපති ලේකම් සමන් ඒකනායක ට දුරකතන ඇමතුම් ලබා ගැනීමට උත්සාහ කිරීම නිසා ඔහුගේ දුරකතනයටද නිවනක් නොවීය. මේ හැමගේ පොදු ප්‍රකාශය වූවේ ජනපති ඉදිරිපත් කළ වැඩපිළිවෙළට සහාය දිය යුතු බවය.
ලෝක වෙසක් සමුළුවේදී අගමැති දිනේෂ් ඉල්ලු වැදගත්ම දේ
අගමැති දිනේෂ් බදාදා අලුයම තායිලන්තය බලා පිටත්ව ගියේ, එක්සත් ජාතීන්ගේ ලෝක වෙසක් දින උත්සවයට සහභාගී වීම සඳහාය. ඔහු බැංකොක් වෙත ළඟා වූ පසු උණුසුම් පිළිගැනීමක් ලැබිණි. විශේෂ අමුත්තන්ගේ පොතෙහි අත්සනක් තැබූ අගමැති දිනේෂ්, එරට අගමැති සමඟ මාතෘකා කිහිපයක් ගැන ම කතා කළේය. දෙරටේ පවතින විශේෂ වාසි, දියුණුව සඳහා උපයෝගී කරගත හැකි බව තායි අගමැති පැවසීය.
"ශ්‍රී ලංකාවේ මැණික් ගල් ඔප දැමීමට සහ ඒවා අලෙවි කිරීමට තායිලන්තය ඉතා හොඳ වෙළඳපොළක්" ඔහු එක් උදාහරණයක් පෙන්වා දුන්නේය.
"ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න අපේ ආණ්ඩුව සැලසුමක් අනුව ක්‍රියාත්මක වෙනවා" මෙරට ආර්ථික සැලසුම් පිළිබඳව පැහැදිලි කළ දිනේෂ්."බෞද්ධ උරුමයන් නිසා අපේ රටවල් දෙකේ බැඳීම හරි ශක්තිමත්" සියම් මහා නිකාය ගැනද සිහි කරමින් කීය.
දිනේෂ්, එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයට එක්වූයේ බ්‍රහස්පතින්දාය.
ජාතික ආණ්ඩුවක් ගැන ප්‍රසන්න කියපු කතාව
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජ්‍යේෂ්ඨ සාමාජිකයකු මෙන්ම, නියෝජ්‍ය අමාත්‍යවරයකු, කැබිනට් අමාත්‍යවරයකු ආණ්ඩුකාරවරයකු වූ රෙජී රණතුංගයන්ගේ 15 වැනි ගුණ සමරුව යෙදී තිබුණේ පසුගිය බදාදා දිනයේදීය.
වෙනදා මෙම ගුණ සමරුව පවත්වන්නේ උඩුගම්පළ පිහිටි රෙජී රණතුංගයන්ගේ පාරම්පරික නිෙවසේය. එහෙත් ඉකුත් වසරේදී අරගලකරුවන් විසින් එම නිෙවස ගිනි තබා විනාශ කිරීම හේතුවෙන් මෙවර එහි කිසිදු වැඩසටහනක් ක්‍රියාත්මක නොවිණ. ඇමැති ප්‍රසන්න රණතුංග ඇතුළු රණතුංග පවුලේ සාමාජිකයන් උඩුගම්පළ පිහිටි රෙජී රණතුංග ස්මාරකයට පුෂ්පෝපහර දැක්වීය.
රෙජීගේ එඩිතර බව ගැන මහින්ද කී කතාව
දිවංගත රෙජී රණතුංග මහතාගේ 15 වැනි ගුණ සමරුව නිමිත්තෙන් දානමය පිංකම පැවැත්වුණේ රාජගිරියේ පිහිටි නිශාන්ත රණතුංගගේ නිෙවසේය. පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් රෙජී රණතුංග මහතාගේ සමකාලීන දේශපාලන ක්‍රියාකාරීන්ද සහභාගීවූ එම දානමය පිංකමට අතීත දේශපාලන රස කතාවලින්ද කිසිඳු අඩුවක් නොතිබුණි.
මේ අතරට විශේෂ පුද්ගලයකුගෙන් ඇමැති ප්‍රසන්නට දුරකතන ඇමතුමක් ලැබුණි.
“ ආ.. ප්‍රසන්න අද තාත්තගේ දානේ නේද?”
“ඔව්.. සර්..වෙනද දානේ තියෙන්නේ උඩුගම්පළ, අපේ ගෙදර. ඒක ගිනි තිබ්බ නිසා මේ පාර දානේ තියෙන්නේ නිශාන්ත අයියලයි ගෙදර”
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ කටහඬ හඳුනාගත් ඇමැති ප්‍රසන්න කීය.
“දේශපාලනය කරනකොට අභියෝගවලට මුහුණ දෙනව වගේම, දුක සැප සමව දරාගන්නත් අපි පුරුදු වෙන්න ඕන.77 දී රෙජීගේ ගේ ගිනි තිව්වා. නමුත් එයා හිටියටත් වඩා ශක්තිමත්ව නැගිට්ටා. බාධාවලට බයවෙලා අපි ගමන නතර කරන්න හොඳ නැහැ” හිටපු ජනපති කීය.
සජිත් - ජලනි පිංකම්වල
ඓතිහාසික මහියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීම, මහියංගණය පූජා භූමියේ පවතින විල්ලවපිටිය වැව මධ්‍යයේ පිහිටි ශ්‍රී ලංකාවේ විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කිරීම, මහියංගණේ පූජා භූමියක් වශයෙන් ලියාපදිංචි කරන ලද සන්නස් පත්‍රය පිළිගැන්වීම වැනි පින්කම් කටයුතු රැසක් පසුගියදා එම විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
එම අවස්ථාවට විපක්ෂ නායක සජිත්ට ද ආරාධනා කර තිබුණි.
නියමිත වේලාවටත් පෙර එම ස්ථානයට පැමිණීමට සජිත් වගබලා ගෙන සිටි අතර ඔහු සමඟ ඔහුගේ බිරිය ද එම උත්සවයට සහභාගි වූවාය.
විශේෂයෙන්ම සජිත් සහ ජලනි යුවළ එක්ව ඉකුත් වසරේ මහියංගණ රජමහා විහාරස්ථානයේ අටමහ කුසල් සුපරිපූර්ණ කඨින පිංකමක් සිදු කරනු ලැබීය.
එවැනි කටයුතු රැසක් හේතුකොටගෙන සජිත් සහ විහාරාධිපති හිමි වහන්සේ අතර පැවතියේ සමීප හිතවත්කමකි.
"කට වචනෙකට සීමා වෙන්නේ නැතිව ප්රායෝගිකවම බුදු දහම පෝෂණය කරන්න ඔබතුමන්ලා ගන්න මහන්සිය අපි හොඳටම දන්නවා.."
විහාරාධිපති හිමියන් සජිත් සමඟ පැවසීය.
රනිල්ගේ වැඩ ගැන වජිර IMF ට කියයි
පසුගිය බදාදා සවස අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමණාකාර අධ්යක්ෂ කෙන්ජි ඔකමුරා සමඟ විශේෂ හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.
කථානායකතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, විදේශ ඇමැති අලි සබ්රි, වජිර අබේවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත, ලක්ෂ්මන් කිරි ඇල්ල, රවුෆ් හකිම්, සුමන්දිරන්, සී.බී. රත්නායක, පාර්ලිමේන්තු මහ ලේකම් ඇතුළු පාර්ලිමේන්තු නිලධාරීහු පිරිසක් ද සහභාගී වී සිටියහ.
පැය එක හමාරකට ආසන්න කාලයක් පැවැති මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය යහපත් මාර්ගයට ගැනීම සඳහා අවශ්‍ය මූලික සාධනීය පියවරයන් රැසක් මේ වනවිට ගෙන තිබීම තමා අගය කරන බවත් මේ අසීරු මොහොතේදී ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා ලබාදිය හැකි උපරිම දායකත්වය ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන බවත් නියෝජ්‍ය කළමනාකාර අධ්යක්ෂ කෙන්ජි ඔකමුරා පැවසීය.
රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට බාරගත් දා සිට වැටුණු රට ගොඩගැනීමට සහ කඩා වැටුණු ජන ජීවිත යළි ප්‍රකෘතිමත් කිරීම සඳහා ගෙන ඇති පියවරයන් පිළිබඳව වජිර මෙහිදී නියෝජ්‍ය කළමනාකාර අධ්යක්ෂවරයාව දැනුම්වත් කර සිටියේය.
ග්‍රීන් ලයිට් දල්වපු හැටි IMF ලොක්කන්ට පෙන්වති
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජ්‍ය කළමනාකාර අධ්යක්ෂ කෙන්ජි ඔකමුරා ඇතුළු නියෝජිත පිරිසගේ වැඩිම අවධානයක් යොමු වුයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභා ගර්භයටය. සභා ගර්භය තුළ මන්ත්‍රී අසුන් දෙන ඔවුන්ගේ අවධානය වැඩියෙන් යොමු වූ අතර විද්ත් ක්‍රමයට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අසුන් ඉදිරිපිට පිහිටි මේස මත ඇති රතු, කොළ, කහ බොත්තම් පිළිබඳව ඔවුහු මහත් උනන්දුවෙන් විමසූහ.
“පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කරන ආකාරය ගැන කෙන්ජි ඔකමුරා විසින් මෙහිදී විමසීමක් සිදුකරන ලදී.
විද්ත් ක්‍රමය අනුව තමන්ගේ මතය ප්‍රකාශ වෙන බොත්තම ඔබා ඡන්දය ප්‍රකාශ ආකාරය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ විසින් පැහැදිලි කරන ලදි.
“IMF එක ගැන විමසුව ඡන්දෙදි නම් ආණ්ඩු පක්ෂයේ අපි හැමෝම ග්‍රීන් ලයිට් එකේ ස්විච් එක ඔබලා අපි IMF එකට සහාය දැක්වුවා” යනුවෙන් විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි කියපු කතාවට IMF නියෝජිතයෝ හඩනඟා සිනහසුහ.
අජිත් රාජපක්ෂ පෙන්වූ ණය නැති කාලයේ චිත්‍රය
මේ අතර IMF දුත පිරිසට තේ පැන් සංග්‍රහයක් සූදානම් කර තිබුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේ සිවුවැනි මහලේය.
තේ පැන් සංග්‍රහයට පිරිස ගමන් කරමින් සිටි අතරතුර මැති ඇමැතිවරුන් පිරිසක් සමඟ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ කතාබහ කරමින් පැමිණියේය.
එහිදී බිත්තියේ සවිකර තිබුණු ගැල් පේළියක් ගමන් කරන චිත්‍රයක් දෙස ඔවුන්ගේ අවධානය යොමු වූ අතර නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ චිත්‍රය දෙසට අත දිගු කරමින් යමක් පැහැදිලි කළේය.
“මේ ගැල්වලින් ගිහිල්ලා වෙළඳාම් කරන විදිහ පෙන්නුම් කෙරෙන චිත්‍රයක්. මේ කාලේ නම් අපි IMF සහයෝගය නැතිව දෙපයින් නැගී සිටිය කාලේ. ණය නැති කාලේ ඇඳපු චිත්‍රයක්” යනුවෙන් අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා කියපු කතාවට එම ස්ථානයේ සිටි අලි සබ්රි, සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරු සහ ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයාට සිනහ පහළ වූහ. “ඇයි නියෝජ්‍ය කථානායකතුමා ඒ කාලේ තිස්සමහාරාම ඉඳලා කතරගමට කාරෙකක හයර් එක රුපියලයි. ආප්පයක් ශත 5 යි” යනුවෙන් පැවසු ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයා විසින් ඈත අතීතයේ රස මතක සටහන් රැසක් අවදි කළේය.
බෙදීමකට විරුද්ධ ආසියාවේ එකම නායකයා වජිර හෙළි කරයි
මේ අතර වජිර අබේවර්ධන සහභාගී වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා උදෑසන සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.
ජනාධිපතිතුමන්ගේ ජපාන සංචාරය පිළිබඳව සහ එම සංචාරය නිසා ශ්‍රී ලංකාවට හිමි වූ ආර්ථික ප්රතිලාභ පිළිබඳව වජිර මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළේය.
“ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පසුගියදා කළ විදේශ සංචාරයේදී විදේශ නායකයින් කිහිප දෙනකුම මුණ ගැසුණා. තායිවානය සහ වියට්නාමය වැනි රටවල ජනපතිවරු මුණ ගැසෙන්නට ද එතුමා අමතක කළේ නැහැ. ජනාධිපතිතුමා ජපානයේ “නික්කේයි” සමුළුවේදී පවා කථා කළේ ශ්‍රී ලංකාවේදී ආරක්ෂක අංශ අමතා කළ කතාවමයි.
එම අවස්ථාවේදීත් එතුමා ප්‍රකාශ කළේ ආසියාව බෙදීමට ඉඩ නොදෙන බවයි. මෙම කාරණය පිළිබඳව ආසියාවේ කතා කරන එකම නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වීම සුවිශේෂී කාරණයක්.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජපන් සංචාරයේදී විදේශ අගමැතිවරු පස්දෙනකු පමණ මුණ ගැසුණා. ජපානයේ සියලු දේශපාලන පක්ෂ නියෝජනය වන ලෙස මේ අය මුණ ගැසුණු අතර, එහිදී කරුණු කාරණා සාකච්ඡා කිරීමේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ අනාගත ආසියාතික ගමන් මග පිළිබඳවද එතුමා පැහැදිලි කිරීමට අමතක කළේ නැහැ.”යනුවෙන් වජිර අබේවර්ධන මෙහිදී කියා සිටියේය.
අනූෂගේ පුතාගේ විවාහ උත්සවයට දේශපාලනඥයින් රැසක්
ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනූෂ පැල්පිටගේ පුතණුවන්ගේ විවාහ මංගල්‍යය වීම පළමුවෙනිදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී පැවැත්විණ. මනමාලියගේ පියා ද ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ට නිලධාරියෙකු වූ කේ. ඒ. එස්. කීරගලය. දේශපාලන ක්ෂේත්රයේ සහ පරිපාලන ක්ෂේත්රයේ බොහෝ දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී වූහ. පෝරුව මංගල්‍යය පැවැත්වෙන අවස්ථාවේදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උත්සවයට සභාගිවීම සඳහා පැමිණියේය. 'ඔබතුමා උදෙන්ම ඇවිත්' අසල සිටි මාධ්‍යවේදියෙකු විමසා සිටියේය. දැන් එකොළහට කිට්ටුනේ... ඔයාට තාම උදේද...?' මම නැගිටින්නේ පාන්දර පහට. එතැන ඉඳලා ඉතින් වැඩ තමයි. මම පක්ෂයේ රැස්වීමකටත් ගිහිල්ලයි ආවේ." පිළිතුරු දුන් විපක්ෂ නායකවරයා, එතැන සිටි ප්‍රවීණ ඡායාරුප ශිල්පී ප්‍රසන්න හෙන්නායක සමඟ කතා බහකට එක් විය. 'මොකක්ද දැන් ඔයා පාවිච්චි කරන කැමරා එක...' යැයි ඇසූ විපක්ෂ නායකවරයා මංගල උත්සවය ආවරණය කරන ඡායාරුප ශිල්පීන්ගේ කැමරා පිළිබඳව ද විමසා බැලුවේය. ඒ අතර පවිත්‍රා වන්නිආරච්චි, වජිර අබේවර්ධන, රංජිත් මද්දුම බණ්ඩාර, තිස්ස අත්තනායක,යන පිරිස එක්ව සිටියහ.
විපක්ෂයේ මන්ත්‍රීවරු බොහෝ දෙනකු වේලාසනින්ම පැමිණ වේලාසනින්ම පිටව යන හෙයින්, එතන සිටි තවත් මාධ්‍යවේදියෙකු ඔවුන්ගෙන් විමසා සිටියේ, "මොකද චම්පික රණවක මන්ත්‍රීතුමාගේ දුවගේ වෙඩින් එකට යනවද' කියාය. ඒ කිසිවෙකු එවැනි විවාහ උත්සවයක් පිළිබඳව දැන සිටියේ නැත. 'මට චම්පික ඊයේ හැන්දෑවෙත් හම්බ වුණා .හැබැයි එහෙම දෙයක් ගැන කතා කළේවත් නැහැනේ" යැයි කියුවේ, ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීතුමාය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් මංගල ශාලාවට ඇතුළු වූයේ "කපල් එක ඉන්න තැනට යන්න ඕනේ" කියමිනි. සියල්ලන්ගේම අවධානය ඒ දෙසට යොමු වෙද්දී ජනාධිපතිවරයා පිරිස සමඟ සුහද ආකාරයෙන් කතා කරමින් සිටියද දේශපාලනය කතා නොකරන්නට ප්‍රවේසම් විය. එදින සන්ධ්‍යාවේ ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට නියමිතව සිටි බැවින් පැමිණි සිටි සියලු දෙනාට අවශ්‍ය වූයේ එහිදී ජනාධිපතිවරයා කුමක් පවසන්නේද යන්න කල්තියා දැන ගැනීමටය. දෙපසේ ඥාතීන් සමඟද කතාබහ කළ ජනාධිපතිවරයා රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න අමතමින් ‘මට නුවරඑළියට යන්න තියෙනවා ඔයගොල්ලෝ ඉන්නවානේ. මම එහෙනම් යන්නම්’ යැයි පවසා මංගල උත්සවයෙන් නික්ම ගියේය.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මංගල උත්සවයට එක් වූයේ බිරිය අයෝමා රාජපක්ෂ ද සමඟය. සභාවෙන් හොඳ පිළිගැනීමක් හිටපු ජනාධිපතිවරයාට ලැබුණි. අනුරාධපුරයේ පැවති තවත් විවාහ මංගල උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයන් විවාහ උත්සවය සඳහා සහභාගී වීමට පැමිණියේය. ඒ සමඟම මංගල උළෙලේ බොහෝ දෙනාගේ අවධානය යොමු වූයේ හිටපු ජනාධිපතිවරයා වෙතටය. ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධනයන් මංගල උත්සවයට එක්ව සිටියේ සිය බිරිය සහ පුතණුවන් සමඟය. බන්දුල ඇමැතිවරයාගේ පුත් සහන් ගුණවර්ධන එහිදී ගීත දෙකක් කරමින් සභාව රස ගැන්වීම ද විශේෂත්වයක් විය.
විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා පැමිණෙන විටත් මහින්ද රාජපක්ෂයන් පිරිස සමඟ කතාබහ කරමින් සිටියේය. මේ අතර දළදා මාලිගාවේ මාධ්‍ය ප්‍රධානී ක්‍රිෂාන්ත හිස්සැල්ල සමඟ කතා කළ විජයදාස රාජපක්ෂ ‘ ඔයා දන්නවද දළදා වරුණ පත්තරේ ලේක්හවුස් එකෙන් නිකන් ප්‍රින්ට් කරලා දෙන්නේ ඇයි කියලා’. නෑ නේ ඇමැතිතුමා ඒක මම ලේක්හවුස් ඉන්න කාලේ ආපු නඩු තීන්දුවක්. ඒක නිසයි අදත් ලේක්හවුස් එක ඔයගොල්ලන්ට නොමිලේම ප්‍රින්ට් කරලා දෙන්නේ. විදේශ ඇමැති අලි සබ්රි සමඟ කතා කළ බොහෝ දෙනකු ඔහුට ප්‍රශංසා කළේ, කැනඩා අගමැතිගේ ප්‍රකාශය පිළිබඳව ඔහු තදින් සිටීම හේතුවෙනි. දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන්, සභාපතිවරු , මාධ්‍ය ප්‍රධානි සහ මාධ්‍යවේදීන් කාලයකින් රැස්වූ මෙම විවාහ මංගල උත්සවය පසුගිය සතියේ දේශපාලන පිටියේ විශේෂ අවස්ථාවක් විය.
දේශපාලඥයන්ට දොර වැසුණු පාඨලීගේ දුවගේ මංගල උත්සවය
ශ්‍රී ලංකා ජනරජ පෙරමුණේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ගේ වැඩිමහල් දියණිය ද එදිනම විවාපත් විය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාක් ඉම්පීරියල් හෝටලයේ දී පැවැති මංගල උත්සවය සඳහා කිසිදු දේශපාලනඥයෙකු සහභාගී නොවීම විශේෂත්වයකි. දිගුකාලීන ආදර සබඳතාවකින් අනතුරුව විවාහ දිවියට එළඹි අමා - කුෂාන් දෙපළට සියලු දෙනාගේ සුබ පැතුම් එක්විය.
එහිදී පතිකුලයට යන සිය දියණිය වෙනුවෙන් පාඨලී චම්පික, රත්න ශ්‍රී විජේසිංහ ලියූ කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන ‘මගේ දුවේ නුඹ අවදියෙන් නම් මේ රැයේ මිහිරිම වෙලාවයි..... ගීතය ගායනා කළේය. මංගල උත්සවයට සහභාගී වී සිටි සියල්ලෝම පාඨලීගේ මිහිරි ගායනයට අතිශය සංවේදී වූහ.