උද්ධමනය තනි ඉලක්කමකට පැමිණෙයි | සිළුමිණ

උද්ධමනය තනි ඉලක්කමකට පැමිණෙයි

ලබන මාසය අවසන් වනවිට උද්ධමනය තනි ඉලක්කමකට පැමිණෙන බවට ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකතනය කර ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
 
ඔහු මේ අදහස් පල කළේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ අද(01) පැවති මාධ්‍ය හමුවකදී ය.
 
එමෙන්ම, ඔහු පැවසුවේ ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්තිමය පොලී අනුපාතික අඩුකිරීමේ වාසිය බැංකු මඟින් ජනතාවට සම්ප්‍රේෂණය කරනු ඇතැයි අපේක්ෂා කරන බව යි.
 
එමඟින් යළිත් ව්‍යාපාර සඳහා බැංකු මූල්‍ය පහසුකම් ලබාගැනීම වර්ධනය වීමෙන් ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත්වන බව ද නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දුන්නේය.  
 
ඔහු තවදුරටත් පැවසුවේ, මේ වසරේ මහ බැංකුව වෙළෙඳපොළ හරහා අමෙරිකානු ඩොලර් මිලියන 1,671 ක් මිලදී ගෙන ඇති බව යි. 
 
මැයි මාසයේදී වැඩිම ඩොලර් මිලදී ගෙන අතර එය ඩොලර් මිලියන 662 කි. 
 

Comments