අක්කාගේ මඟුල දා සිදුවුණු මල්ලීගේ අවමඟුල | Page 2 | සිළුමිණ

අක්කාගේ මඟුල දා සිදුවුණු මල්ලීගේ අවමඟුල

ක් මරණයක් නොව, එතැන මරණ දෙකක් බව සිතමි. යතුරුපැදි අනතුරකින් බාලවයස්කාර සොහොයුරා මිය ගොස් ඇත. සිය බාලවයස්කාර දරුවා සමඟ යතුරුපැදියේ පසුපස ගමන් කළ පියා බරපතළ තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේය. සොහොයුරා මිය යන්නෙත් එකම අක්කාගේ, මංගල දිනය දා ය.

මියගිය මල්ලී දැන් අප හැර ගොස්ය. එහෙත් ජීවිතයේ නව ඇරැඹුම සමරන්නට බලා සිටි අක්කාගේ ඒ මහා බලාපොරොත්තු ගොන්න සිය එකම සොයුරාගේ මරණයේ කළුවර අඳුරින් වැසී ගොස්ය.

මේ හද කම්පනය වන ඛේදවාචකය වාර්තා වන්නේ හඳපාන්ගල කොටිගල ප්‍රදේශයෙනි. වාර්තා වන්නේ නිරපරාද මරණයකි. මේ රටේ නීතියට ගරු කිරීමේ අවම සදාචාරයක්වත් රටේ පුරවැසියන්ට තිබිය යුතුය. බාල වයස්කාර දරුවකුට යතුරුපැදියක් පැදවීමේ කිසිම නෛතික බලයක් නැත. වලංගු රියදුරු බලපත්‍රයකින් තොරව වාහනයක් මහා මාර්ගයට දැමීම රටේ නීතිය අනුව වරදකි.

නෛතිකව රියදුරු බලපත්‍රයක් අයදුම් කිරීමට සුදුසුකම් සපුරන්නේ වයස අවුරුදු 18 ඉක්මවූ පසුය. රටේ මේ සියලුම නෛතික තත්ත්ව පවතිද්දී සිය වැඩිහිටියන්ගේ අනුදැනුම සහ අනීතික දිරිගැන්වීම හේතුවෙන් යතුරුපැදි අනතුරකින් සිය අක්කාගේ මංගල දිනය දා අවසන් ගමන් යන්නේ 15 හැවිරිදි දරුවෙකි. වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය. හඳපාන්ගොඩ කොටිගල ප්‍රදේශයේ පදිංචිව සිටි ඇගේ විවාහ මංගල්‍යය සිදුවූයේ පසුගිය 24 දාය. විවාහ මංගල්‍යය දෙපාර්ශ්වයේම සහභාගීත්වයෙන් පවත්වා තිබුණේ එකම දිනයකදී ය. පොරුවේ චාරිත්‍ර නිමවා මනාලිය මනාලයාගේ නිවෙසට ඇරලවා උත්සවයේ කටයුතු චාම් ලෙස නිමා කිරීමට සැලසුම් කර තිබිණි.

දැන් පැමිණි අයට ස්තුතිය සටහන් කළ කාර්ඩ් බෙදා දිය යුතුව ඇත. මංගල ඡායාරූපය ද නිවෙසට ගෙනා යුතුය. මනාලිය මනාලයාගේ නිවෙසට ඇරලවීමෙන් පසු එම ස්තුති පත්‍ර සහ මංගල ඡායාරූපය රැගෙන ඒම සඳහා නගරයට යෑමට යතුරුපැදිය ගන්නේ විවාහ ප්‍රාප්ත තරුණියගේ 15 හැවිරිදි සොයුරාය. ඔහු හඳපාන්ගොඩ ජාතික පාසලේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකි. නම බිම්සර ප්‍රබෝද් රණසිංහය. 15 හැවිරිදි බිම්සර පදවන යතුරුපැදියේ පසුපැදිකරු ලෙස මනාලයාගේ පියා නගින්නේය.

නගරයට ගොස් සුබ පැතුම්පත් සහ මංගල ඡායාරූප රැගෙන බිම්සර අධික වේගයෙන් සිය යතුරුපැදිය ධාවනය කර තිබිණි. 

කුරණ මාර්ගයේ අධික වේගයෙන් පැමිණෙමින් සිටි ඔවුන් දෙදෙනා රැගත් යතුරුපැදිය කුරණ බෑවුම් ප්‍රදේශයේදී පාලනය කරගත නොහැකි වී තිබිණි.

යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට විසි වී මුලින්ම ගැටී තිබුණේ අන්නාසි ගාලකය. විමර්ශන කරන පොලිස් කණ්ඩායම එම අන්නාසි පඳුරේ තිබුණු අන්නාසි ගෙඩියක් මීටර 60කටත් වඩා දුරට විසිවී තිබිය දී සොයා ගත්තේය. අන්නාසි අකුලේ ගැටී මාර්ගය අයිනේ කානුවකට වැටුණු යතුරුපැදිය ඉදිරියට ගොස් කොන්ක්‍රීට් ලෑල්ලක ගැටී තවත් මිටර 15ක් පමණ ඉදිරියට විසිවී ගොස් තිබිණි. සිදු වූ අනතුරින් යතුරුපැදියේ රෝදය සහ අනෙකුත් කොටස් දෙකට වෙන්ව ගොස් ඇති ආකාරය විමර්ශන සිදුකරන ඉංගිරිය පොලිස් කණ්ඩායම පෙන්නුවේය.

සිදු වූ අනතුරින් බරපතළ තුවාල ලැබූ 15 හැවිරිදි බිම්සර සහ මනමාලයාගේ පියා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කළහ. රෝහලට ඇතුළත් කළ බිම්සර ප්‍රබෝද් රණසිංහ සිසුවා මිය ගොස් තිබිණි. මනාලයාගේ පියා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබේ.

මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඉකුත් 25 වැනිදා හොරණ මූලික රෝහලේදී මුළු දිවයිනටම සාමවිනිසුරු සුමේධ ගුණවර්ධන ඉදිරියේදී සිදු කළේය.

දැන් සිදුවී ඇත්තේ කුමක් දැයි අප විමසිය යුතුය. අප මේ රටේ නීතියට ගරු කර නැත. බිම්සර මිය ගියේ ඔහු ධාවනය කළ යතුරුපැදිය අනතුරට ලක් වීමෙන් බව සැබෑය.

එහෙත් බාල වයස්කාර දරුවෙක් අනතුරකට හෙළිම සඳහා අනුබල දුන්, ඔහුව වැළැක්වූයේ නැති ඒ අවස්ථාවේ එතැන සිටි සියලුම වැඩිහිටියන් මේ මරණයට අනියම් මිනීමැරම් චෝදනාවට ලක් නොවන්නේ දැයි අප විමසිය යුතුය.

පසුගිය 2022 වසරේ මේ රටේ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 2523ක් මියගොස් තිබිණි. ඉන් 1050ක් මියගොස් ඇත්තේ යතුරුපැදි අනතුරුවලිනි. මේ රටේ මහා මාර්ගයේ මැරෙන මිනිස්සුන්ගෙන් හරි අඩක් මැරෙන්නේ යතුරුපැදි අනතුරුවලිනි. රටේ අවුරුදු 19ට අඩු දරුවන් 400ක් පසුගිය වසරේදී රිය අනතුරුවලින් මියගොස් තිබිණි. එවන් අනාරක්ෂිත රටක බාලවයස්කාර දරුවකුට යතුරුපැදියක් දී ඔහුගෙන් වැඩිහිටියකුගේ සේවය ලබා ගැනීමට උත්සාහ කරන වැඩිහිටියන් සිටින රටක් මළගෙයක් වැනිය.

ඡායාරූප - බිමල් ජයසිංහ, බණ්ඩාරගම

Comments