JW.ORG ජාතික සමුළු 7ක් ශ්‍රී ලංකාවේ | සිළුමිණ

JW.ORG ජාතික සමුළු 7ක් ශ්‍රී ලංකාවේ

JW.ORG සංගමය විසින් මෙරට කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සූදානම් කර ඇති ජාතික සමුළු 7 ජූලි 14දා සිට පැවැත්වේ. මෙවර සමුළුවල තේමාව “ඉවසීමෙන් බලාගෙන ඉන්න” වන අතර, ඉවසීමේ ගුණාංගය ප්‍රගුණ කිරීම වර්තමානයේ අප ජීවත් වන සමාජ ආර්ථික තත්වයන් හා සැසඳීමේදී කොපමණ වැදගත්ද යන්න ශුද්ධ ලියවිලි හා වෙනත් ලිඛිත හා ප්‍රායෝගික නිදසුන් මඟින් අවධාරණය කෙරේ.

නාට්‍ය, දේශන සහ විවිධ ක්‍රියාකාරකම්වලින් ද මෙම ජාතික සමුළු මාලාව සමන්විත බව JW.ORG සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නලීන් වනිගසේකර පැව­ැසීය. මෙම ජාතික සමුළු මාලාව මෙරට විවිධ පළාත්වල මෙන්ම අන්තර්ජාලය ඔස්සේ ද පැවැත්වීමට නියමිත අතර, කොරොනා වසංගතය හේතුවෙන් අන්තර්ජාලය ඔස්සේ පමණක් පැවැති මෙම ජාත්‍යන්තර සමුළු මාලාව 2019 වසරෙන් පසුව සජීවීව පවත්වනු ලබන පළමු අවස්ථාව මෙයයි.

Comments