
නැඟෙමු පිබිදෙමු යෙදෙමු සුරකිමු මිහිඳු මාහිමි දෙසු දහම්”, තේමාව කරගෙන ලක්දිව බුදුදහම ස්ථාපිත වීම සිහි කරමින් බෞද්ධයන්ගේ උතුම් පොසොන් පොහොය ජුනි මස 3 වැනිදාට යෙදි ඇති අතර, පොසොන් පොහොය අරමුණු කරගනිමින් ජාතික පොසොන් උලෙළට සමගාමිව පොසොන් උත්සවය මිහින්තලේ රාජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට මේ වන විටත් සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතියි. මෙවර පැවැත්වෙන්නේ 2331 වැනි පොසොන් උත්සවයයි.
මෙවර පොසොන් උත්සවය සම්බන්ධයෙන් විවිධ මතවාද සමාජ ගත වුවද, ‘නැඟෙමු පිබිදෙමු යෙදෙමු සුරකිමු මිහිඳු මාහිමි දෙසු දහම්, පොසොන් උත්සවය නිමිත්තෙන් මිහින්තලය සහ අටමස්ථාන ආශ්රිත පූජා භූමියේ විශේෂ පොසොන් වැඩසටහනක් ක්‍රියාත්මක වෙයි. ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සියළු ආණ්ඩුකාරවරු ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන කෙරේ.
අනුරාධපුර පොසොන් කලාපය සඳහා රුපියල් ලක්ෂ 31ක මුදලක් මේ වන විටත් දිසාපතිවරයාට බුද්ධ ශාසන අමාත්‍යංශය මඟින් යවා ඇත. රට තුළ විශාල වශයෙන් මූල්‍ය අර්බුද තිබුණ ද මෙවැනි සාම්ප්‍රදායික උත්සව සඳහා පූර්ණ අනුග්‍රහය ලබා දෙන බවත්, මෙම පොසොන් උත්සවය අතිසාර්ථකව පවත්වා ගැනිමට ද අවශ්‍ය සියලු ප්‍රතිපාදන මේ වන විට යවා ඇත. පොසොන් සති පිරිත් පින්කම ජුනි 1වැනිදා දක්වා පැවැත්වෙන අතර, මැයි 31දා සිට ජුනි 06 දක්වා කාලය පොසොන් සතිය ලෙස නම් කර ඇත. පොසොන් උත්සවය ත්‍රෛනිකායික මහානායක ස්වාමින් වහන්සේලාගේ ප්රමුඛ කොටගෙන පැවැත්වෙන අතර, පොසොන් ආලෝක පූජාව 02 වැනිදා සිට 04 වැනිදා දක්වා පැවැත්වෙයි.
මේ අතර පොසොන් සතිය තුළ අනුරාධපුරය දිස්ත්‍රික්කය තුළ සියලුම සුරාසැල් සහ මාංශ වෙළෙඳාම නැවැත්වෙන අතර, වන්දනා කරුවන්ගේ පහසුව සඳහා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරිය සහ දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් විශේෂ ප්‍රවාහන පහසුකම් සැපයීමට නියමිතය.
මෙවර පොසොන් සතියේදී විනෝද සැණකෙළි කිසිවක් නොපැවැත්වන අතර, රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලාවේ පැවැත්වෙන අතර, ඊට සමගාමීව අටමස්ථානය හා තන්තිරිමලය පුදබිම් කේන්ද්‍ර කරගෙන පොසොන් උත්සවය පැවැත්වේ. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස හා අනෙකුත් විහාරස්ථානවල ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ඇතුළු ආගමික වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.