ශ්‍රී ලංකා ජනපති ජපන් අගමැති හමුවෙයි | සිළුමිණ

ශ්‍රී ලංකා ජනපති ජපන් අගමැති හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සහ ජපාන අගමැති ෆුමිඕ කිෂිඩා අතර නිල හමුවක් පසුගිය 25 වෙනිදා ටෝකියෝ නුවරදී සිදු විය. මෙහිදී දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරුණු අතර ජපානය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව තවදුරටත් ඉහළ නංවා ගැනීමේ නව අවස්ථා පිළිබඳවද නායක දෙපළ සාකච්ඡා කළහ.

ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජපානය ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය අගය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් ජපන් රජයේ සහාය මත ක්‍රියාත්මකව තිබූ කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අතරමඟ නවතා දැමීම පිළිබඳව ජපන් රජය වෙත සිය කනගාටුවද පළ කෙළේය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සහ ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි අතර හමුවක්ද ටෝකියෝ නුවරදී පැවැත්වුණු අතර එහිදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

Comments