නතාෂා ට එරෙහිව CIDයට පැමිණිල්ලක් | සිළුමිණ

නතාෂා ට එරෙහිව CIDයට පැමිණිල්ලක්

බෞද්ධ දර්ශනයට හා බෞද්ධ සංස්කෘතියට අගෞරව වන ලෙස දේශන පැවැත්වූ නතාෂා එදිරිසූරිය නමැති කාන්තාවට එරෙහිව කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇත.
 
අල්ලසයට දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ. 
 
මේ අතර බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදු කළ නතාෂා එදිරිසූරියට එරෙහිව තවත් පැමිණිල්ලක් පොලිස් මූලස්ථානයට ඉදිරිපත් කර ඇත. පූජ්‍ය බලංගොඩ කාශ්‍යප ස්වාමීන්වහන්ස එම පැමිණිල්ල පොලිස් මූලස්ථානයට ඉදිරිපත් කර තිබුණි. 
 
ඇය වහා අත්අඩංගුවට ගත යුතු බව පැමිණිලි පාර්ශ්වය සදහන් කරයි. 

Comments