දුම්පානය අඩු වෙයි | සිළුමිණ

දුම්පානය අඩු වෙයි

ඉකුත් දස වසර තුළ මෙරට දුම්පානය කරන්නන්ගේ ප්‍රතිශතය සියයට 8.8කින් අඩුවී ඇති බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ (ADIC) නවතම දත්ත වාර්තාවලින් අනාවරණය වේ. වසර 2013දී සියයට 34.2ක් දුම්වැටි භාවිත කර ඇති අතර, 2022 වසරේදී එම ප්‍රතිශතය සියයට 25.4කි.

ශ්‍රී ලාංකිකයන් දිනකට රුපියල් මිලියන 400ක් දුම්වැටි සඳහා වැය කරන බව කියති. මෙරට දුම්වැටි පානය කරන්නන්ගෙන් වැඩිම ප්‍රතිශතය එනම්, සියයට 30.7ක් වයස අවුරුදු 40ට වැඩි පුද්ගලයන්ය. ලෝක දුම්කොළ විරෝධී දිනය මැයි 31 වෙනිදාට යෙදී තිබේ.

Comments