
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 297 දක්වා පහත වැටුණද ඩොලරය අඩු වුණා කියා දැඩි තීරණ තීන්දුවලට එළඹිමට හැකියාවක් නැතැයිද එය විනිමය අනුපාතය සම්බන්ධයෙන් ස්ථිර නිගමනයට ඒමට නොහැකි කරුණක් බවද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එරාන් වික්‍රමරත්න සිළුමිණට ප්‍රකාශ කළේය. ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ උද්ධමනය අඩු වන විට එන විට පොලී අනුපාතය සහ භාණ්ඩාගාර බිල්පත් පහළට පැමිණිය යුතු බවත්ය. මෙම දත්ත දිහා බලා ආර්ථික සංවර්ධනය ගැන ස්ථිරව දෙයක් කීමට නොහැකි බවද විශේෂයෙන් සංකෝචනය වන ආර්ථිකයක් ගැන නිගමනයන්ට එළඹීමට නොහැකි බවද පාර්ලිමේන්තු මන්ත්‍රි එරාන් වික්‍රමරත්න පැවසීය.