අපනයනය ඉලක්ක කරගත් කෙසෙල් ව්‍යාපෘති දෙකක් | සිළුමිණ

අපනයනය ඉලක්ක කරගත් කෙසෙල් ව්‍යාපෘති දෙකක්

ඇඹිලිපිටියට හා සෙවණගලට අපනයනය ඉලක්ක කර ගත් ඇඹුල් කෙසෙල් සහ කැවෙන්ඩිෂ් කෙසෙල් වගා ව්‍යාපෘති දෙකක් ඉදි කිරීමට තීරණය කෙරේ.
 
අපනයනය ඉගක්ක කර ගනිමින් තවත් ඇඹුල් කෙසෙල් හා කැවෙන්ඩිස් කෙසෙල් අපනයන වගා ව්‍යාපෘති දෙකක් ඉදිකිරීමට කෘෂිකර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේය.
 
අද (26) පෙරවරුවේ අගුණකොළපැලැස්ස සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ දී මේ සම්බන්ධව සාකච්ඡාවක් පැවැති අතර ඊට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කීය. මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුනදාස සමරසිංහ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය හා කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
 
ඇඹිලිපිටිය ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතිය අක්කර 400ක හා සෙවනගල කැවෙන්ඩිෂ් කෙසේ ව්‍යාපෘතිය අක්කර 400ක ද වශයෙන් ඉදි කිරීමට නියමිතය.
 
මීට අමතරව රුපියල් මිලියන 150ක වියදමින් කෙසෙල් සැකසුම් මධ්‍යස්ථානයක් බරවකුඹුක ප්‍රදේශයේ ඉදි කිරීමට ද නියමිතය.
 
මෙම කෙසෙල් ව්‍යාපෘති දෙක තුළ ගොවීන් 800ක් තෝරා ගන්නා අතර ඔවුන්ට අවශ්‍ය නව තාක්ෂණය, උපදෙස් හා මුල්‍ය පහසුකම් කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් ලබා දීමට නියමිතය .
 
ජූනි මාසය අවසන් වීමට ප්‍රථම මෙම ව්‍යාපෘති දෙකේ වැඩ කටයුතු ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.
 
මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගම්මාන 06ක් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස සංවර්ධනය කිරීමට ද කටයුතු යොදා ඇත.
 
 
 

Comments