
ගෘහස්ථ පාරිභෝගිකයින්ට 23%කින්ද ,ආගමික ස්ථානවලට 23%කින්ද ,හෝටල්වලට 43%කින්ද විදුලිබිල අඩුකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
මෙය ජූලි 01වනදා සිට ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා අද(24) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
ඒ අනුව ඒකක 0 – 30 දක්වා කාණ්ඩය වෙනුවෙන් දැනට පවතින ඒකකය මිල රුපියල් 5කින් අඩුකර තිබේ.
එම කාණ්ඩය සඳහා ඒකකය නව මිල රුපියල් 25ක් කිරීමට නව සංශෝධනයෙන් යෝජනා කර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මේ අතර ස්ථාවර ගාස්තුව රු 400ක සිට රුපියල් 250 දක්වා අඩුකිරීමට යෝජනා කළ බව ද අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව පළමු කාණ්ඩයට අවමය 23%ක සහනයක් විදුලිබිල සඳහා ලබා දී ඇති බව පැවසු අමාත්‍යවරයා, එම සහනය ලබාගන්නා පවුල් 1,744,000ක් සිටින බවත් සඳහන් කළේය.
එමෙන්ම ඒකක 31 – 60 දක්වා විදුලිබිල 9%කින් අඩුවන බවත් ඒකක 0 – 60 දක්වා 7%කින් අඩුවේ.
ඒකක 0 – 30 දක්වා පාවිච්චි කරන ආගමික සිද්ධස්ථාන 15,646ක් සඳහා ජූලි මාසයේ විදුලිබිල 23%කින් අඩුවීමට නියමිත බව ද පැවසු අමාත්‍යවරයා, ඒකක 31 – 60ත් අතර පාවිච්චි කරන ආගමික සිද්ධස්ථාන 10,692ක් සඳහා විදුලිබිල 7%කින් පහත දැමීමට යෝජනා කර තිබේ.
හෝටල් කාණ්ඩය සඳහා 29% – 40% අතර විදුලිබිල අඩු කිරීමක් සිදුකිරීමට යෝජනා කර ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.