
ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ලකුණු 15කින් පරාජය කරමින් IPL තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ (23) සමත්විය.
තරගයේ කාසියේ වාසිය දිනු ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ආරාධනා කළේය
ඒ අනුව පිටියට පිවිසි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවි ලකුණු 172ක් රැස්කර ගත්තේය.
ලකුණු 173ක ජයග්‍රාහි ඉලක්කය හඹායාමට පිටියට පිවිසි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 157ක් පමණයි.
කෙසේවෙතත් අවසන් පූර්ව වටයේ පළමු තරගයෙන් පරාජයට පත්වු ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා තවත් අවස්ථාවක් හිමිවී තිබෙයි