මේ වසර තුළ ඊ - පාස්පෝර්ට් | සිළුමිණ

මේ වසර තුළ ඊ - පාස්පෝර්ට්

දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ මූලික පහසුකම් සලසන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.
 
මෙම ක්‍රමවේදය ඔස්සේ අයදුම්කරුවෙකුට දින 3ක් තුළ සිය විදේශ ගමන් බලපත්‍රය නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව ලැබේ.
 
අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, එම අමාත්‍යාංශයේ අද(22) පැවැති මාධ්‍ය හමුවක දී ය.
 
එසේම ඊ පාස්පෝට් මේ වසර තුළ හදුන්වා දීමට බලාපොරොත්තුවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් කමිටුවක් පත්කර ඇත. 
 

Comments