මහ බැංකුවෙන් ණයවර ලිපි සහනයක් | සිළුමිණ

මහ බැංකුවෙන් ණයවර ලිපි සහනයක්

ආනයන සඳහා ණයවර ලිපි (L/C) නිකුත් කිරීමේදී ඊට එරෙහිව ආන්තික මුදල් තැන්පතුවක් පවත්වා ගැනීමට අදාළව නිකුත් කර තිබූ විධානයන් ඉවත් කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ. සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත මේ සම්බන්ධයෙන් ලිඛිතවම දැනුවත් කිරීම පසුගිය සිකුරාදා සිදු විය. පසුගිය 2022 වසරේ මැයි 19 වෙනිදා මහ බැංකුව විසින් සියලු බැංකු වෙත නියෝගයක් නිකුත් කළේ ණයවර ලිපි නිකුත් කිරීමේදී 100%ක ආන්තික තැන්පතුවක් පවත්වා ගත යුතු බවයි. පසුව මේ වසරේ පෙබරවාරි 17 වනදා නිකුත් කළ සංශෝධන නියෝගයකින් අදාළ ආනයන ලැයිස්තුවට තවත් භාණ්ඩ පෙළක් එක්කරන ලදී. එම සියලු නියෝගයන් නව විධානයට අනුව අවලංගු කර තිබේ.

Comments