නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ 108 වැනි සංවත්සරය ඉහළින්ම සැමරේ | සිළුමිණ

නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ 108 වැනි සංවත්සරය ඉහළින්ම සැමරේ

නුගේගොඩ සාන්ත ජෝන් මහා විද්‍යාලයේ 108 වැනි සංවත්සර උත්සවය විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක් වූ අධ්‍යාපන ඇමැති ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි. මෙම සංවත්සර සැමරුම් උත්සවයට විශේෂ ආරාධිත අමුත්තෙක් ලෙස සහභාගි වූයේ විදුහලේ ආදි ශිෂ්‍යයෙක් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ අධ්‍යයන අංශයේ මහාචාර්ය සහ ලේක්හවුස් මූල්‍ය අධ්‍යක්ෂ, හරේන්ද්‍ර කාරියවසම්ය.

සංවත්සරයට සමගාමීව ආදි ශිෂ්‍ය සංගමයේ මුලිකත්වයෙන් ආරම්භ කර ඉදිකිරීම් නිම කරන ලද සියවස් ගොඩනැඟිල්ල සිසු අයිතියට පිරිනැමීම, පාසලේ අභිනවයෙන් ඉදිකළ නාම පුවරුව විවෘත කිරීම, ලේ දන් දීමේ පිංකම ඇතුළු සටහන් රාශියක් ක්‍රියාත්මක විය.

Comments