ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ හත්වැනි සාංවත්සරික මහා සභාව 22 සඳුදා පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන්, කොළඹ 07 නිදහස් මාවතේ රුසියානු මන්දිරයේ දී පැවැත්වේ.
මෙරට සියලු ජනමාධ්‍ය ආයතන නියෝජනය කරන මාධ්‍යවේදීන්ගෙන් සහ විවිධ කලා හා සාහිත්‍යය ක්ෂේත්‍රයන් හි නිර්මාණකරණයෙහි නියුතු සාහිත්‍යකරුවන්ගෙන් සැදුම් ලද ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ සංවත්සර උලෙළ සඳහා නාවුක හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන්, නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු යන මැති ඇමතිවරු සහභාගී වෙති .