
ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටි පලස්තීන ජාතිකයෙක් ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබේ.
ගාල්ල අපරාධ කොට්ඨසය විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණේ, හික්කඩුව, වෑවල ප්‍රදේශයේදීය.
අදාළ සැකකරු සංචාරක වීසා මත මෙරටට පැමිණ වලංගු විදේශ ගමන් බලපත්‍රයක් නොමැතිව වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් කොණ්ඩා කපන ස්ථානයක රැකියාවක් කරමින් සිට ඇත.
අත්අඩංගුව ගත් සැකකරු 32 හැවිරිදි අයෙකි.
සැකකරු අද (17) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකණරය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය