
ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් මහතා අද(18) අභාවප්‍රාප්ත වේ.
මිය යන විට ඒ මහතා 87වැනි වියෙහි පසු විය.
1936 වසරේ අප්‍රේල් මස 10 වැනිදා මොරටුව, සුදුවැල්ල ප්‍රදේශයේදී උපත ලැබූ ක්‍රිස්ටෝපර් පෝල් මහතා ශාන්ත සෙබස්තියන් විදුහලෙන් අධ්‍යාපනය ලැබීය.
1955 වසරේදී එවකට සංගීත ලොවේ ප්‍රවීණයෙකු වූ සුනිල් ශාන්තයන්ගෙන් සංගීතය හැදෑරූ පෝල් මහතා 1958 වසරේදී “පේනා විලේ මැද ඕලු මලේ” නමැති සිය ප්‍රථම ගීතය ගැයුවේ ඔහුගේ සහෝදරිය වූ බර්නඩේත් පෝල් මහත්මිය සමගයි.
ඉන් අනතුරුව බටහිර තනු අලලා නිර්මාණය වූ ගී රැසක් ගයමින් ජන හදවත් තුළ මතකයේ රැඳනෙ ගායන ශිල්පියෙකු වීමට ක්‍රිස්ටෝපර් පෝල් මහතා සමත් විය.
අදටත් ඕනෑම අයෙකුගේ මුව අග මිමිනෙන “හා මල් පිපෙන්නේ” ගීතයට හිමිකම් කියන්නේ ද ක්‍රිස්ටෝපර් පෝල් මහතා වන අතර එය නිර්මාණය වන්නේ 1958 වසරේදීය.
1968 වසරේදී පෝල් මහතා ලිලානි ගුණසේකර නමැති තරුණිය සමඟ විවාහ දිවියට එළැඹෙන අතර “රුවන් තොරන් තනා” යන ගීතය නිර්මාණය වන්නේ ඉන් පසුවයි.
වතුර නාලා තෙත කොණ්ඩේ කඩා, රුවන් තොරන් තනා, ඇල දොළ ගංඟා යාවි ගලා, රාමා සීතා ඔබයි මමයි, රෝස මලක් දුටුවම, පෙම් ලෝකේ පුරා, මැණික මැණික මැණික, සුවිසල් මැඳුරක, විශ්වාසය නිදන් කෙරු සිතක් බිඳුණු පසු, සැමදාම මේ වෙලාවේ, රන් කිරුළේ, මේ කටුරොද ගම්මානේ හිනැහෙන්න හැමදාම වැනි අතිශය ජනප්‍රිය ගීත රැසකට ක්‍රිස්ටෝපර් පෝල් මහතා සිය හඬ දායකත්වය ලබා දුන්නේය.