
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවර නැගෙනහිර ප්‍රදේශයේදී කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන සිද්ධියට අදාළව ඔහුට එල්ල වූ ලිංගික අතවර චෝදනා හතරෙන් තුනක් ඉවත් කර තිබේ.
ඒ එරට අධිකරණයේ නීතිපති විසින් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
32 හැවිරිදි ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පසුගිය වසරේ පැවැති විස්සයි විස්ස ලෝක කුසලාන තරගය සදහා ගොස් සිටිය දී ඉකුත් නොවැම්බර් 06 වැනිදා අලයම් කාලයේ දී ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගන්නා ලදි. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලියෙන් ඉවත් වූ පසු යළි කණ්ඩායමේ සෙසු පිරිස සමඟ ධනුෂ්ක ගුණතිලක ගුවන් යානයෙන් යළි ශ්‍රී ලංකාව බලා පිටත්වීමට ටික වේලාවකට පෙරදීය.
29 හැවිරිදි කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබූ අතර ලිංගික අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල විය.
ඒ අනුව 2022 නොවැම්බර් මස සිදුවූ මෙම සිද්ධියේදී අදාළ කාන්තාව “තම ජීවිතය ගැන බියෙන් සිටි බවත් චුදිතයාගෙන් ගැලවීමට නොහැකි වූ බවත්” අධිකරණයට ගොනු කරන ලද පොලිස් කරුණු පත්‍රිකාවක සඳහන් විය.
ඒ අනුව අවසරයකින් තොරව ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා හතරක් එල්ල වී තිබුණි.
මෙම නඩු විභාගය ජූලි 13වැනිදා නැවත කැදවීමට නියමිතය.
Source: Australian Associated Press / SMH