ශ්‍රී ලංකාවේ IT ව්‍යාපාරයන්ට ICTA වෙතින් අවස්ථා රැසක් | සිළුමිණ

ශ්‍රී ලංකාවේ IT ව්‍යාපාරයන්ට ICTA වෙතින් අවස්ථා රැසක්

මෙරට තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ උපාංග සහ සේවාවන් අන්තර්ජාතික වෙළෙඳපොළට යොමු කිරීමේ අරමුණෙන් සුළු හා මධ්‍යපරිමාණ කර්මාන්තකරුවන් ලියාපදිංචි කිරීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පියවර ගෙන තිබේ.
 
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ තාක්ෂණ කර්මාන්ත සංවර්ධන අංශය යටතේ ක්‍රියාත්මක වනAIMs(Access International Markets)ජාතික වැඩසටහන ඔස්සේ ලියාපදිංචි වනදේශීය තොරතුරු තාක්ෂණ සමාගම්  අන්තර්ජාතික සබඳතා උපයෝගී කර ගනිමින්  ජාත්‍යන්තර වෙ‍ළෙඳපොළ කරා රැගෙන යාමට කටයුතු කෙරේ.
 
ඉකුත් මාස හය ඇතුළත මෙසේ ලියාපදිංචිවී සිටින කර්මාන්තකරුවන් ගණන සියයකට අධික වේ.
 
තොරතුරු තාක්ෂණ කර්මාන්තකරුවන් වෙනුවෙන් දේශීයහා ජාත්‍යන්තර වශයෙන් පැවැත්වෙන ප්‍රදර්ශන, සම්මන්ත්‍රණ  සහ වැඩමුළු ආදියට සහභාගි වීමට මෙන්ම විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ සම්බන්ධ කර ගනිමින්  ජාත්‍යන්තර වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් කර ගැනීම සඳහා අවකාශ සලසා දී ඇත. 
 
AIMs ජාතික වැඩසටහනයටතේසුළුහා මධ්‍ය පරිමාණ තොරතුරු තාක්ෂණ කර්මාන්තකරුවන් 50කට අධික පිරිසකට විවිධ සහන ලබා දී ඇත.
 
ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන විදෙස් තානාපති කාර්යාල මහකොමසාරිස් කාර්යාල ඇතුළු ද්විපාර්ශ්වික වාණිජ මණ්ඩල ආදී රාජ්‍ය ආයතනවල සහාය ඇතිව AIMs ජාතික වැඩසටහන බලගන්වා ඇත.
ශ්‍රී ලංකාව2024 වසර වන විට තොරතුරු තාක්ෂණ කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක් උපයා ගැනීමට අපේක්ෂා කරයි.
 
වාණිජ දෙපාර්තමේන්තුවේ සහ අපනයන සංවර්ධන මණ්ඩලයේද සහයෝගය මේ සඳහා ලැබී තිබේ.
charithk@icta.lkඉ-මේල් ලිපිනය ඔස්සේ ඇමතීමෙන් AIMs ජාතික වැඩසටහන පිළිබඳ වැඩිදුර විස්තර දැනගත හැකිය.
 

Comments