
නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දී තිබේ.
ඒ අනුව උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පී.එස්.එම්. චාල්ස් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
නැගෙනහිර පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ සෙන්දිල් තොණ්ඩමාන් මහතා ද වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙයි