
2023 යල කන්නය සඳහා යූරියා මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
යල කන්නයේ පොහොර අවශ්‍යතාවය වෙනුවෙන් පොහොර සමාගම් සෙක හා පෞද්ගලික අංශය සතුව පැවති යූරියා පොහොර ප්‍රමාණය සහ ගොවිජන සේවා මධ්‍යස්ථානවල ඉතිරිව පවතින තොග සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව ලංකා පොහොර සමාගම මඟින් 60%ක් සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මඟින් 40%ක් වශයෙන් එකී පොහොර ප්‍රමාණය ආනයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
කෘසිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.