
‘දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා‘ ගීතය ජාතික උරුමයක් බවට පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
1903 වර්ෂයේ දී ජෝන් ද සිල්වා ශූරින් විසින් රචනා කර ඇති විශ්වනාත් ලව්ජි මහතා විසින් තනු නිර්මාණය කර තිබෙන සිරිසඟබෝ නාට්‍යයේ ඇතුළත් මෙම ගීතය ජාතික උරුමයක් ලෙස නම් කිරීම යෝග්‍ය බවට හඳුනාගෙන මෙම තීරණය තිබේ. මෙම ගීතය මේවන විට වසර 120ක් පමණ පැරණි වේ.
මෙරට ජාතික ගීය භාවිතයට ගැනෙන තුරු උත්සව හා වෙනත් අවස්ථාවලදී එම ගීතය ජාතික ගීතය හා සමානව භාවිතයට ගත් බවට සාක්ෂි ඇති බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ජාතියේ වින්දනය සහ චින්තනය කෙරෙහි ශතවර්ෂයකට අධික කාලයක් එම ගීතය අඛණ්ඩව බලපා තිබෙන බව සැලකිල්ලට ගනිමින් ‘දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා‘ ගීතය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩල විසින් අනුමත කර ඇත.