අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියෝ අපවත් වෙති | සිළුමිණ

අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියෝ අපවත් වෙති

අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියෝ අපවත් වී තිබේ.
 
84වැනි වියෙහි පසුවූ උන්වහන්සේ කොළඹ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත්වී ඇත. 
 
උන්වහන්සේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක ධුරයෙන් පිදුම් ලැබුවේ 2022 වසරේ දීය. 
 
නිවුණු සැනසුණු සමාජයක්, පුරවැසියෙක්, බෞද්ධයෙක් දැකීමට මහනායක හිමිපාණන් වහන්සේ කළ දීර්ඝ කැපකිරීම බෞද්ධ ලෝකයේම ආශිර්වාදයට පාත්‍ර වේ. අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියන් දේශ දේශාන්තරවල වැඩම කරමින් උතුම් සම්බුද්ධ දේශනාව, ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය ජනතාවගේ හිතසුව පිණිස දේශනා කරන ලදි. 
 
2004 වසරේ ඇතිවූ සුනාමි ඛේදවාචකයෙන් හානි සිදුවූ විහාරස්ථානවල පුස්තකාල ගොඩනැගීමට ද උන්වහන්සේ දායක විය. 

Comments