යුක්‍රේන සාමය පතා යාඥා කරනවා - පාප් වහන්සේ | සිළුමිණ

යුක්‍රේන සාමය පතා යාඥා කරනවා - පාප් වහන්සේ

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සහ යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි අතර ඊයේ (13) වතිකානුවේ දී විනාඩි 40 ක පමණ පෞද්ගලික සංකච්ඡාවක් පවත්වා ඇත. 
 
යුක්‍රේන සාමය පතා තමා නිරතුරුවම යාඥා කරන බව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ යුක්‍රේන ජනාධිපතිනරයාට පවසා තිබේ.
 
රුසියාව විසින් දියත් කරන ලද ආක්‍රමණයෙන් වින්දිතයන් වූ අහිංසක ජනතාවට උපකාර කිරීමේ හදිසි අවශ්‍යතාවය පාප් වහන්සේ අවධාරණය කළහ.
 
මෙම හමුව වෙනුවෙන් 1,000කට අධික පොලිස් භට පිරිසක් යොදවා සිටි අතර රෝමය හරහා පියාසර තහනම් කලාපයක් ද ක්‍රියාත්මක විය.
 
රුසියාව සහ යුක්රේනය අතර පවතින ගැටුමේ මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමට වතිකානුව සූදානම් බව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නිතර ප්‍රකාශ කරන කරුණකි.
 
රුසියාව කියෙව් සහ අනෙකුත් යුක්‍රේන නගරවලට එක රැයකින් ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කිරීමෙන් පසුව ජනාධිපති සෙලෙන්ස්කිගේ සංචාරය සිදුවිය.
 
මේ සතිය මුලදී, ජර්මානු මාධ්‍ය වාර්තා කළේ, ජනාධිපති සෙලෙන්ස්කි සිය ඉතාලි සංචාරයෙන් පසු ජර්මනියට යාමට සැලසුම් කර ඇති බවයි, නමුත් මෙය තවමත් තහවුරු කර නොමැත.
 

Comments