
ශ්‍රී ලංකාවත් චිනයත් අතර දෙජනතා මිත්‍රත්වය වර්ධනය කිරිමේ අරමුණෙන් ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය සහ චීනයේ විදේශ රටවල් සමග මිත්‍රත්වය සඳහා වන යුනාන් පළාත් සංගමය (Yunnan Provincial People’s Association for Friendship with Foreign Countries) සමග ඒ්කාබද්ධව සම්පූර්ණයෙන්ම නොමිලේ අක්ෂි කාච බද්ධ කිරිමේ වැඩසටහනක් (“2023 Brightness Action”) මැයි මස 15 සිට 17 දක්වා නාරාහේන්පිට ලංකා හොස්පිට්ල් හිදි පැවැත්වේ.
මෙම සමාජ සත්කාරය සඳහා පූර්ණ සහයෝගය දක්වන්නේ චීනයේ විදේශ රටවල් සමග මිත්‍රත්වය සඳහා වන යුනාන් පළාත් සංගමයයි.
ප්‍රධාන වෛද්‍ය සත්කාරකත්වය සපයන්නේ යුනාන් පළාතේ කුන්මිං වෛද්‍ය විශ්වවිද්‍යාලයේ පළමු වැනි අනුබද්ධිත රෝහල යි (The First Affiliated Hospital of Kunming Medical University). දේශීය වෛද්‍ය සත්කාරකත්වය සපයන්නේ ලංකා හොස්පිට්ල් ආයතනයයි.
දිවයිනේ විවිධ පළාත්වලින් වෛද්‍ය නිර්දේශ මත තෝරාගත් 120 දෙනකුට මෙහිදි නොමිලේ අක්ෂි කාච බද්ධ කෙරේ.
විදේශ රටවල් සමග මිත්‍රත්වය සඳහා වන යුනාන් පළාත් සංගමයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් හා යුනාන් පළාතේ කුන්මිං වෛද්‍ය විශ්වවිද්‍යාලයේ පළමු වැනි අනුබද්ධිත රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරිමට දිවයින පැමිණ සිටිති.