
ඔබේ කවි නිර්මාණ
‘කවි සිළුමිණ’
සිළුමිණ, ලේක්හවුස්,
කොළඹ - 10 යන ලිපිනයට යොමු කළ හැකිය.
දුරකතනය 011 2429265
මගේ රට අපේ රට
හමාරා දේශි අප්නා දේශි
දෙස බස රැසට හිතැති
කිහිප දෙනෙක් රැස් වූහ
ඒ අපට මෙසේ සිතුණි...
උතුරු නැගෙනහිර බටහිර
දකුණ සිවු දෙස සිරිලක
කවර හේතුවකින් හෝ
දරුවන් අහිමි වැළපෙන මවුවරුන්
වෙනුවෙන් දල්වන්ට පහනක්
හැකිද අපට මෙත් කුලුණින්...
මිය ගිය මවුන් උදෙසා
දිවි සැරිය මහත් වෙහෙසින් සරි කරන
දිරිය මවුවරුන් අරබයා
බැරිද අපට දල්වන්ට
එක පහනක් අප නිවසේ
මුළු රටම එකතුව හැන්දෑවේ....
හයට කුවේණිගෙ අව්ව මියෙන මොහොතේ
ශාන්තියක් වේවා මිය ගිය අම්මලාට
ආයෙම දුකක් බියක් සොවක්
නොවේවා මින්මතු දිවි ගැට ගහන අම්මලාට...
මවුවරුන්ගේ දිනය 14 දා
හද පියුම ආලෝකයෙන්
පුරවමු ළමන්දු වෙනුවෙන්
l මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර
නූතන උවැසියකගෙ උදානය
මම තමයි විසාකා
පන්සලේ ලොකු දායිකා
මගේ යාළුවො - රූප නන්දා, සුජාතා
ඊට පස්සේ ඔයාලා
බණදාට පන්සලේ
පළමු පේළියෙ මුල් අසුන මට
අත ගසන පූජාවෙ පළමුවෙන්
පහන් ගෙනියන්නෙ මම
පින්කමක දානයක
සංවිධායිකා මම
අපි පරණ දායකයො - ගමේ මුල් හිමි කරුවො
කවුරු ආවත් අලුත් - දායකයො පන්සලට
අපෙන් අවසර ගන්න - අපේ විදිහට ඉන්න
සිල් ගත්ත දා වුණත් - බිත්තියේ පළමු කොන
මට තියා ඉඳගන්න - මං වගේ සාදුකාරය දෙන්න
l පූජ්‍ය දැලිව ඉන්දරතන හිමි
දුරු කර අඳුර උපත ලද දුවක්
පන්සිළු වයන වෙන නද නළ මුසුව කල
රන්සළු සලා මුතු පිණි බිඳු එලන කල
රොන්පිරි කුසුම් සුවඳින් රස පිරෙන කල
සුන්දර දුවක් ඉපදුනි මට නිශා කල
ගංදිය ගලා නිල් කෙත්වතු පිපී යන
සහනය සදා රත්හැල් කිරි වැදී යන
සිරිනිය ඇගේ සිරිපැන් පොද සලා යන
උපනිය මගේ දියණිය සිත පිනා යන
ගොළුවත රැකුන කළ හැඩ සල මහ සයුර
රන් රත ගැහී දිලිසෙන විට අව අඹර
මිහිකත ශාන්තව සැනසෙන කල් අතර
ඒ මත ජනිත විය දුව දුරුකර අඳුර
l ඒ.කේ.යු. අමරසිංහ
සැනසුම සොයා
ලද සැම සැපත අමතක කොට උරුම ලද
කැපකොට තුරුණු විය රැකි මව වැටුන ඇඳ
කිසි දින කිසිම අයකුට ගම නොවුන වද
කවදා සිදේවිඳ ඇගෙ නෙත කඳුල බිඳ
මතුවන නිබඳ අගහිඟ ළඟ වෙමි ලත
නොඉදුනි වේල් තුනකට සරි ලිපේ බත
ගොනු කළ සියලු පැතුමන් තද අසීමිත
බොඳවී ගොසින් මතකය තුළ සැහී ඇත
සිහි කර මතකයන් කඳුලක හෙළා නෙතින්
ගත යුතු දෙයක් නැති බව දැන පුරාවතින්
ගිහි දිවි නිමා කළ සැනසුම සොයා නිතින්
ඇය සැනසුනා ගත සරසා කසාවතින්
l ටී.ඇම්. පොඩිරාලහාමි
ඔබයි - මමයි
දිළිහි දිළිහි
හිස් අහසෙන්
කඩා වැටුණු
තරුව ඔබයි
වෙහෙසි වෙහෙසි
පොළොවේ ඉඳන්
වැටුණු තරුව
සොයන මමයි
l කේ. ඩබ්ලිව්. සිරිසේන
හිරු බැසයන සඳ
හිරු කිස නිමා කොට බැස යන අවර ගිරෙන්
අවටම වැසී යනු ඇත ගණ අඳුරු තිරෙන්
එය මැඬලන්න එන තරිඳුට නැඟෙන හිරෙන්
හිමිවිණි සහය සහචර තරු පිරිස කෙරෙන්
සැඟවී සිටිය මුත් දාවල පිටත නොයා
පැතිරෙන අඳුර බිය සැක දෙක ඉවත තියා
වවුලන් මෙන්ම බක මුහුණන් ගොදුරු සොයා
දිස් වේ පියාපත් සලමින් සරන නියා
ඩහදිය මුගුරු හෙළමින් දැඩි වෙහෙස විඳ
කටුසර භෝග මුළු හේනෙම වවන ලද
සුරකිනු පිණිස රෑ නොනිඳා පැලෙහි හිඳ
යනු ඇත ගොවින් බිං කළුවර වැටෙන සඳ
l දළුපත පිලිෂියන්
යුගයක වෙනස
දර පොල් කොළ හනසු දුමේ සීරුවට තබා
පැණි හකුරු මුල් දුමේ යටි පැත්තේ එල්ලා තබා
කොස් දෙල් ගොරක වේලා දුමේ එල්ලා තබා
අර පිරිමැස්මෙන් කෑමට ගත්තා සිත සතුටින් තබා
වී මෙනේරි කුරහන් තල අටුකොටුවල පුරවා
ලුණු දෙහි අච්චාරු මැටි මුට්ටිවල පුරවා
සුවඳට සුවඳට කැවුම් බැද පැණි මුට්ටිවල පුරවා
නිවැසියෝ රසට රස බැලුවා මුව පුරවා
එදා ලලනාවෝ සකසුරුවමින් සතුටින්
තම ගෙදර දොර කටයුතු කරමින්
සැනසීම ලැබුවා හදපිරි සතුටින්
යුගයක වෙනස නොවේ එය අද සතුටින්
l සුනේත්‍රා ප්‍රේමසුන්දර
පුදුමයි.....!
නුඹ බලා ඉන්නවා
ඈත දුර මතක ඉම
බොඳ හීන සිත්තමක ඇඳි
දම්පාට සිතුවමක
ඇස් කොනින් ඉඟිමරා
සුන් කලා සෙනෙහසින්
l ඉරාණි නිල්මිණී අබේකෝන්
හිමිදිරි උදෑසන
බහ නොදන්න වයසෙ හිඳින
සිඟිති දෝනි තේරුම් ගෙන
හිමිදිරි උදයේ ගයනා
විහඟුන්ගේ ගී පදරුත්
අවධානය යොමු කරමින
නෙත් නිල්මිණි දල්වාගන
මුව හස රැළි නංවාගන
l එම්. චන්ද්‍රපාල
අහිමි වු මල් සුවඳ
දුර ඈත හිටියට
තවම මග බැලෙනවද
නොබලමි කියා සිතුවට
මටත් බැලෙනවා නොදැනිම
අහිමි වේ යැයි කියා
හීනෙකින් වත් සිතුවද
අහිමි බව දැනුන විට
සයුරක් තරම් හැඬුවද
හිමි අහිමි කම් මැද
ගලා යයි ජීවිතය
අහිමි වු මල් සුවඳට
පෙම් කරයි අප සැම විට
l රවීන්ද්‍ර ලක්මාල් දයාවංශ
60 වසරක අතීත සංකල්පනා
බිම් තැන්නේ යස ඉසුරින් පිරි ගමක
තුන්වේලටම අඩුවක් නැති එක ගෙයක
සුන්දර නවම් මාසේ අද වැනි දිනක
හැට වසර කට පෙර මා ඉපදුනි රැයක
පෙම්බර දෙමා පිය යුවළක් හට දාව
වැඩි මල් පුතු වුනා මව් පිය දෙදෙනාට
සොයුරු සොයුරියන් හත් දෙනකුත් යාව
රැකගත් අයුරු මගෙ මතකෙට එයි පාව
අහිමිව ගිය දෙයට වැඩියෙන් ලැබුණු දෙය
සලකා උතුම් කොට අරඹමි සැඳැ විය
කවදා හෝ නිසල වන තුරු නිසරු කය
මට වාසනා මගෙ ගම රට මගේ දැය
l ආරියපාල හේරත්
පියාගේ අන්තිම ගමන
හිරු කුමරු - කළුවළාවක් අතරෙ - සැඟවි ලා
රැය උදාවී ගොසින් - මැදියමද පසුවේ ලා
සුර රජුන් අතවැනු සැණින් යන්නට බලා
අපට සෙත සැදු පියා නිවි නිවී සැතපි ලා
ලොවේ ජන හඬ නසා හැම දෙන සිහින ලෝකෙක නිදද්දී
රැහැසියන්ගේ පුරුදු නාදය දස දිසාවෙන් ඇසෙද්දී
දේවතා එළියෙන් ඔබට හිමි නිවන් දොරටුව අැරෙද්දී
ගියේ ඇයි මගෙ පියාණෙනි මව වැළපි වැළපී අඬද්දී
සීත සුළඟට - හාදු දෙන්නට - වගේ ගස් වැල් නැමෙද්දී
පිරුණු හස රැළි - සොඳුරු මුහුණක් මගේ හද තුළ මැවෙද්දී
අතීතෙට නව පණක්දී මම මංමුළාවක වැටෙද්දී
ගියේ ඇයි මගෙ පියාණෙනි මම ශෝක ගින්නෙන් දැවෙද්දී
l ඇම්. ප්‍රේමා වෑදණ්ඩ